එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් වන අජිත් පී පෙරේරා හා සුජීව සේනසිංහ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ආරම්භ කිරීමට එම පක්ෂ තීරණය කර තිබූ අතර එය අද (27) පැවැත්වෙන බව සඳහන් වුවත් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුවත් ඊට සහභාගි වීම සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත පැමිණ නොසිටි බව වාර්තා වේ.
පක්ෂ නායකත්වයට අවලාද නැගීම , පක්ෂ සමඟිය බිඳවැටෙන ආකාරයට දිගින් දිගටම හැසිරීම ඇතුළු චෝදනා ඔවුන්ට ඇති බවත් වාර්තා වෙයි. ඔවුන් දෙදෙනාගේ ක්‍රියා කලාපය විදහා දැක්වෙන වීඩියෝ පටද පැමිණිලි ලෙස ලැබී ඇති අතර ඒ මත මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.
කෙසේ වුවත් අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් වාර්තා වෙයි.