කොවිඩ් මළ සිරුරු 16ක් මහනුවර මහ රෝහලේ ගොඩගැසේ

කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගලයින් 16 දෙනෙකුගේ මෘත ශරීර මහනුවර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ ගොඩ ගැසීම හේතුවෙන් රෝහල් සෞඛ්‍ය බලධාරින් දැඩි අපහසුතාවයකට පත්වී ඇති බව වාර්තා වේ.

විවිධ ප්‍රදේශවලින් මහනුවර මහ රෝහල වෙත කොවිඩ් අසාධ්‍ය වී ඇතුළත් කරනු ලැබූ අය අතුරින් මෙලෙස ජීවිතක්ෂයට පත්වූවන්ගේ සිරුරු මේ දක්වා රෝහල තුළ එක්රැස් වීමට හේතු වී ඇත්තේ මිය ගිය පුද්ගලයින්ගේ ඥාතීන්ද නිරෝධායනයට ලක්වීම හේතුවෙන් එම මළ සිරුරු හඳුනා ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම නිසා යැයි රෝහල් ප්‍රකාශකයෙක් පවසා ඇත.

කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට සැක රෝගීන් 15 – 20 ත් අතර ප්‍රමාණයක් දෙනිකව මහනුවර මහ රෝහලට ඇතුළත් වන බවත් ඔවුන් වෙනුවෙන් වෙන්කර ඇත්තේ ඇඳන් 30ක් පමණක් බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙයින් කිසිවකු හෝ කොවිඩ් රෝගියකු බවට හඳුනා ගැනීමෙන් පසු තෙල්දෙණිය හා කටුගස්කොට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමුකිරීමට පියවර ගත්තත් රෝගීන්ට අවශ්‍ය ඇඳන් පහසුකම්වල විශාල අඩුවක් තිබෙන බවද රෝහල් ආරංචි මාර්ග කියා සිටී. කටුගස්තොට රෝහලේ ස්ථාපිත කොට ඇති කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය කුඩා දරුවන්ට හා ගැබිනි මව්වරුන්ට ප්‍රතිකාර කිරීමට මූලිකත්වය දී කටයුතු කරන බව ද රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.

2 + four =