නික්මයාම සතුටුදායක බව කියන “ඩිපාර්චර්ස්”

‘ඩියාගෝ කොබයාෂි’ කියන්නේ කුඩා කාලෙ ඉඳන් චෙලෝ වාදනයට ඉතාමත් ප්‍රිය, ඊට සහජයෙන්ම දක්ෂ තරැණයෙක්. ඔහු විශාල වාදක මණ්ඩලයක චෙලෝ වාදක ශිල්පියෙක් විදිහට කටයුතු කරනවා. නමුත් ප්‍රසංගවලින් ලබන අසාර්ථකත්වය නිසාම මෙම සංගීත කණ්ඩායමේ ප්‍රධානියා තීරණය කරනව වාදක මණ්ඩලය විසුරුවා හරින්න. අවාසනාවන්ත විදියට ඩියාගෝට ගෙදර එන්න වෙනවා. හරිම ආසාවෙන් සතුටින් කරපු වෘත්තිය දැන් ඔහුට අහිමි වෙලා ගිහින්. කොබයාෂිට හරිම ලස්සන බිරිඳක් ඉන්නවා. කොබයාෂි, එයාගේ බිරිඳයි හරිම සරල, හුදෙකලා ජීවිතයක් තමා ගෙවන්නේ. කොබයාෂිගෙ අම්ම කුඩා කාලෙම ජීවිතෙන් සමු අරගෙන. කොබයාෂිගේ තාත්තත් කොබයාෂි ව කුඩා කාලයේදීම අතැරලා ගිහින්. ඒ නිසා එයා ඉන්නෙ තමන්ගෙම තාත්තා එක්ක පුදුමාකාර තරහෙන්. වෘත්තිය අහිමි වෙච්ච කොබයාෂිට සිද්ධ වෙනවා දැන් රස්සාවක් හොයාගන්න. රස්සාවක් හොයාගත්තේ නැත්නමි කොබයාෂි අති විශාල මුදලකට ණයට ගත්ත ඉස්තරම් වර්⁣ගයේ චෙලෝවෙි ණය පියවන්න බැරි වෙනවා. තමන්ගේ ශරීරයේ කොටසක් කරගත්ත චොලෝවට කොබයාෂි අහිමි වෙන්න දෙන්නේ නෑ.
කොබයාෂි රස්සාවක් හොය හොයා ඉන්න අතරතුර එක්තරා අපූරු දැන්වීමක් දකින්න ලැබෙනවා. කරන්න තියන දේ ඒතරම් පැහැදිලි නැතත් විශාල වැටුපක් ලබන්න පුලුවන්. ඉතින් කොබයාෂි ඒ රැකියා අවස්ථාව සාර්ථක කරගැනීමෙි බලාපොරොත්තුවෙන් රැකියාව පිහිටි ස්ථානය වෙත යනවා. හැබැයි කොබයාෂි කිසිසේත්ම බලාපොරොත්තු නොවු රැකියාවක තොරතුරු තමයි දැනගන්න ලැබෙන්නේ. ඒ මළමිනි එම්බාම් කරුවෙකුගෙ සහයකයෙක් විදිහට වැඩ කරන්න තමයි කොබයාෂිට සිද්දවෙන්නේ. හැබැයි ඔහු බලාපොරොත්තු නොවුණු වැටුපක් හමිබවෙන නිසා ඔහු අපහසුවෙන් වුනත් මෙි රස්සාව කරන්න කැමති වෙනවා. මුල දි කොබයාෂිට හුරැ නොවුණත් තමන්ගේ පියා වගේ ඉන්න වයසැති මළමිනි එම්බාමි කරන ප්‍රධානියාගෙන් ඉවසීමෙන් වැඩ ඉගෙන ගෙන කොබයාෂි විශිෂ්ට මිනි එම්බාම් කරුවෙක් බවට පත්වෙනව. නමුත් තමන් මෙි කරන රැකියාව ගැන කොබයාෂි බිරිඳට කියන්නේ නෑ. මෙචිචර කාලයක් වසන් කරන් හිටිය මේ රහස එළිවෙනවා. කොබයාෂිගේ මෙි අපුල දනවන රැකියාව ගැන හිතලා බිරිඳ කොබයාෂිව හැර යනවා. ඉන්පස්සෙ කොබයාෂි ගෙ ජීවිතේ කොහොම ගෙවෙයි ද? මෙි 2009 වසරේ ඔස්කාර් සමිමාන උලෙළේ හොඳම විදේශ භාෂිත චිත්‍රපටය වෙනුවෙන් දිනාගත් “ඩිපාර්චර්ස්” චිත්‍රපටයේ පුර්විකාවයි.
සැබැවින් අප රටෙි මෙන් නොව ජපානයේ අවමඟුල් සම්ප්‍රදාය අනුව මියගිය පුද්ගලයාගේ දේහය සූදානම් කරන්නේ තම පවුලේ අය ඉදිරියේමයි. බොහෝම සීරැමාරැවට, අරපරෙස්සමට මියගිය පුද්ගලයාගේ රහස්‍යභාවය ආරක්ශා වෙන විදිහට බොහොම ඉවසීමෙන්, පිලිවෙලට කරන්න ඕන දෙයක් විදියට ජපන් අවමඟුල් සමිප්‍රදාය පිහිටලා තියෙනවා. සැබැවින් දේහයක් අවමඟුල් උත්සවයක් වෙනුවෙන් සකස් කරනවා කියන්නේ බලා හිඳින්න බැරි අපහසු දෙයක්. නමුත් ජපන් සමිප්‍රදාය අනුව නමි එය අනෙකාට බලා හිඳින්නට හැකි, අපුල නොදවන පෙරනොවුවිරැ දෙයක්. පුදුමාකාර දෙයක්. මෙතරමි සංයමයකින් අවමඟුල් චාරිත්‍රයක් සිදු කරන සංස්කෘතියක් කිසිදු රටක නොතිබෙනවා ඇති.
“ඩිපාර්චර්ස්” චිත්‍රපටය මරණය නමැති තේමාව මතුපිටට ගෙන එමින් මානව ධර්මතා සහ එය පවුල් බැඳීම් ශක්තිමත් කරන ආකාරය පිළිබඳව හඟවනවා. මරණය තෙක් ජීවිතයේ ඇති පුහු අසාරත්වය ජීවිතයත් සහ මරණයත් අතර තිබු හිඩැස් පැළුමි රේඛාව “නික්මයාම” නමැති හූයෙන් මසා ඇත. කුලය, බලය, ධන තණ්හාව, වෛරය අවසානයේ බැර වනුයේ ආදාහනාගාරයට ය. ජීවිතයේ ඇති හරසුන් බව ඩියාගෝ කොබයාෂි අපුරැවට අපට කියලා දෙනවා. ඔහු තළ අප කෙරෙහි භාවමය කමිපනය ඇති කරනවා. අප කෙතරමි ධනය රැස් කළද, කෙතරමි අවසානයේ දැවෙන අාදාහනාගාරයකට සියල්ලම යටත් ය. ජීවිතය නමැති සසර යාත්‍රාවෙි කෙළවර මරණයයි. ඩියාගෝ නමැති තරැණ මළමිනි එමිබාමිකරැවා අපට එය හොඳාකාරවම අවබෝධ කරදුනි. හෝරා දෙකකුත්, විනාඩ් දහයක් පුරාවටම හදවතේ ගැස්ම වෙිගවත් කරන, ජීවිතයේ ඇති ශුන්‍යත්වය කදිමට කියා පෑ මෙි විශිෂ්ට සිනමාපටය සැබැවින්ම අතිශයින්ම සංවෙිදීභාවයට පත්කළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සිනමාකෘතියක් බව කිව යුතුමයි.
කොච්චර වේගයෙන් ජීවිතය හරහා ගමන් කළත් කමක් නෑ. ඒත් කිසිදෙයකට මඟහැරෙන්න දෙන්න එපා. මඟහැරුණු බව දැනෙන මොහොතක ඒ දේ සදාකාලයටම මඟහැරී තියෙන්න පුළුවන්. එදාට ඔබ ඔබට සමාව දෙන එකක් නෑ. සීතල කඳුළක් හැර කිසිවක් ඔබට ඉතිරිවෙන එකකුත් නෑ. “ඩිපාර්චර්ස්” නරඹනවා නමි ඔබට දිවියේ ඇති අර්ථය, මරණය දුක්ඛදායී බවක් ගෙනදෙනවා නමි නිරායාසයෙන්ම මෙම චිත්‍රපටය ඊට ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් නිර්මාණය කරනවා නොඅනුමානයි.
-මලින්ත විතානගේ (fb)
Photo Edited by Nimesha Nimesha

Leave A Reply

Your email address will not be published.

five + 6 =