යුපුන් අබේකෝන් ඔහුගේම ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි

කෙට් දුර ධාවන ශූර ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් මීටර් සියය ඉසව්ව සඳහා පිහිටුවා තිබූ ඔහුගේම ශ්‍රී ලංකා වාර්තාව බිඳ හෙළන්නට අද සමත් විය.

අද ඉතාලියේ සවෝනාහිදී පැවති ශූරතා මළල ක්‍රීඩා තරගයේදී මීටර් 100 ඉසව්ව තත්පර 10යි දසම 1යි5ක කාලයකින් නිමා කරමින්.

මිට පෙර ජර්මනියේ ඩයාසු නුවර දී පසුගිය 2020 සැප්තැම්බර් 08 දින පැවති ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකා සහ දකුණු ආසියානු මීටර් 100 කෙටිදුර ධාවන වාර්තාව අලුත් විය. ඒ යුපුන් අබේකෝන් විසින් තත්ත්පර 10.16කින් තරගය අවසන් කරමින් දක්ෂතා දැක්වීම නිසාය. යුපුන් වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයේ ආදි‍ ශිෂ්‍යයෙකි.

ටෝකියෝ හිදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උලෙළට පරිසාධන මට්ටම ළඟාවීමට නම් මීටර් 100 පිරිමි ඉසව්ව සඳහා ක්‍රීඩකයෙකු අවම වශයෙන් තත්ත්පර 10.05ක කාලයක් වාර්තා කළ යුතුව තිබිණි.

යුපුන් අබේකෝන් ඉතාලියේ නේවාසිකව සිය පුහුණුවීම් කටයුතු සිදුකරන ක්‍රීඩකයෙකි.

(20+) Facebook

 

Leave A Reply

Your email address will not be published.

one × three =