කොළඹ වරාය නගර පනත් කෙටුම්පත විවාදය 19 සහ 20 දෙදින

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 19 සහ 20 යන දෙදිනේදී පැවැත්වීමට කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද(13)තීරණය කළේය.

මේ අනුව පාර්ලිමේන්තුව ලබන 18, 19 සහ 20 යන දිනවලදී රැස් වනු ඇත.

කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් කල් දමන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මෙම රැස්වීමේදී ඉල්ලීමක් කර ඇති අතර ආණ්ඩුවේ පක්ෂ නායකයන් එම ඉල්ලීම එහිදී ප්‍රතික්ෂේප කර තිබේ..

මේ අනුව පාර්ලිමේන්තුවේදී ලබන 18 වෙනිදා මුදල් හා බදු පනත් කිහිපයක් විවාද කර සම්මත කර කරගැනීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

Leave A Reply

Your email address will not be published.

twenty − nine =