” පොලිස් අත්අඩංගුවේ සිටි ඌරුජුවා -කොස්ගොඩ තාරක ඝාතනය හෙළාදකිනවා”

“තම භාරයේ සිටින පුද්ගලයින් ආරක්ෂා කිරීම පොලීසියේ සහ රජයට පැවරුණු යුතුකමක්”

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදනකු වූ මෙලන් මබුලා නොහොත් ඌරු ජුවා සහ තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක ඝාතනය කිරීම දැඩිලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

හෙළාදකින ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව, මෙම සිදුවීම් පිළිබඳව බැරෑරුම් ලෙස අවධානය යොමු කරන ලෙසත් එවැනි සිදුවීම් වලක්වා ගැනීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා ගෙන් සහ රජයෙන් ඉල්ලා සිටීයි

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පිරිස් සහ ලේකම් නීතීඥ රජීවී අමරසූරිය යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව එම නිවේදනය නිකුත් කර ඇත.

2013 තරම් ඈත කාලයක සිටම පොලිස් භාරයේ සිටින සැකකරුවන් ඝාතනය කිරීම පිළිබඳ ප්‍රශ්නය ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉස්මතු කර ඇති අතර, අනාගතයේ දී රාජ්‍ය බලධාරීන්ගේ පැත්තෙන් මෙවැනිම අතපසු කිරීම් සහ ක්‍රියා වැළැක්වීම සඳහා සියළුම ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගන්නා බවට ද අවධාරනය කර සිටියි.

නීතියේ ආධිපත්‍යයට පටහැනියි :

එවැනි මරණ නීතියේ ආධිපත්‍යයට පටහැනි වන අතර එය ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට කැළලක් වනු ඇත.

මිනීමැරීම ඇතුළු බරපතළ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයින් නිසි අධිකරණයක් ඉදිරියේ නඩු පවරා වරදකරු කිරීමෙන් අනතුරුව පමණක් එකී අපරාධවලට දඩුවම් ලබා දිය යුතු බවත්, එවැනි ක්‍රියාකාරකම්වලට සහාය වූ සහ අනුබල දුන් ජාලවලට එරෙහිව ද ඒ ආකාරයෙන්ම නඩු පවරා එම ජාලයන් මුළින් උපුටා දැමීමත් අපරාධ යුක්තියේ අත්‍යවශ්‍ය අංගයකි.

බලය ඉක්මවා කටයුතු කිරීමකින් තොරව තමන් සමඟ කැටුව ගිය නිරායුධ සැකකරුවකු පාලනය කිරීමට පොලිස් නිලධාරීන් අපොහොසත් වීම නිසා ඉහත සඳහන් අවශ්‍යතාව පරාජය වේ.

තම අත්අඩංගුවේ සිටින නිරායුධ සැකකරුවන් ආරක්ෂා කිරීමට පොලිසියට අවස්ථා කිහිපයකදීම නොහැකි වී තිබීම තේරුම්ගත නොහැකිය.

එම නිවේදනය පහත පළවේ

Leave A Reply

Your email address will not be published.

17 − fifteen =