තවත් ග්‍රාම නිලධාරී වසම් 11ක් අද (13) සිට හුදකලා කරයි

දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් 11ක් අද (13) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මේ අතර දිස්ත්‍රික්ක දෙකක ට අයත් ග්‍රාම නිලධාරී වසම් 4ක හුදකලා බව මේ මොහොතේ සිට ඉවත් කළ බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

හුදකලා තත්ත්වය පිළිබඳ නවතම නිවේදනය පහතින් දැක්වේ.

ගම්පහ දිස්ත්‍රික්කය –

දිවුලපිටිය පොලිස් බලප්‍රදේශයේ, පාළුගහවෙල

ගාල්ල දිස්ත්‍රික්කය –

අහංගම පොලිස් බලප්‍රදේශයේ, කහවන්නගම, දොම්මන්ගොඩ, කරදුන්ගොඩ, ගෝවියපාන

හබරාදූව පොලිස් බලප්‍රදේශයේ, ලණුමෝදර, බොනවිස්ටා, කටුකුරැන්ද

රත්නපුර දිස්ත්‍රික්කය –

පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශයේ, දෙනවක පාතකඩ, දිප්පිටිගල

කුරුවිට පොලිස් බලප්‍රදේශයේ, කුරුවිට, දෙල්ගමුව වසමේ නාගරික ප්‍රදේශය

මේ අතර අද සිට හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ

කොළඹ දිස්ත්‍රික්කය –

පාදුක්ක පොලිස් බලප්‍රදේශයේ, උග්ගල්ල

අම්පාර දිස්ත්‍රික්කය –

දෙහිඅත්තකණ්ඩිය පොලිස් බලප්‍රදේශයේ, දෙහිඅත්තකණ්ඩිය

නුවර එළිය දිස්ත්‍රික්කය –

හැටන් පොලිස් බලප්‍රදේශයේ, ෆෝඩස් වත්ත වසමේ ගෝනගල්ල කොටස, ෆෝඩස් වත්ත වසමේ අක්කර 30 කොටස

Leave A Reply

Your email address will not be published.

five × four =