ඊයේ (12) දිනයේ තවත් කොවිඩ් මරණ 18ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 18ක් බව ඊයේ (12) දිනය තුළ තහවුරු කළේය.

මෙම කොවිඩ් මරණ 18 ත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 868ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම මියගිය 18 දෙනා කොළඹ 05, මතුගම, මැල්සිරිපුර, කුරුණෑගල , අලව්ව, මොරන්තුඩුව, වදුරඹ, ඉමදූව, තල්ගස්වල, බේරුවල,  වලස්මුල්ල, ඕමල්පේ, ඇඹිලිපිටිය, හල්දඩුවන, කන්දේගෙදර, පස්සර, වව්නියාව,යන ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.

.මියගොස් ඇත්තේ, වයස අවුරුදු 38ත් 95ත් අතර වයසේ පසුවන්නන්ය.

Leave A Reply

Your email address will not be published.

nineteen + seventeen =