මෛත්‍රී දරුණු වෙයි – පොහොට්ටුවේ වැඩට ගිය ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට දැඩි විනය ක්‍රියාමාර්ග

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුවට සහභාගී නොවන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් ලෙස තීරණය කර තිබියදී පක්ෂ තීරණයට පිටින් යමින් එම සමුළුවට සහභාගී වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව වහාම විනය ක්‍රියාමාර්ග ගන්නා මෙන් ජනාධිපති සිරිසේන ශ්‍රීලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට දැනුම් දී ඇත. ‍

පක්ෂයක් ලෙස විනයක් තිබිය යුතු බව පෙන්වා දෙන ජනාධිපති සිරිසේන පවසා ඇත්තේ තමා බොහෝ අවස්ථාවල දී ඉවසීමෙන් කටයුතු කළ නමුත්, එය දුර්වලකමක් කියා බොහෝ දෙනා සිතුවද දැන් ඒ සියල්ල අවසන් බැවින් කිසිදු සමාවක් මින් ඉදිරියට නොලැබෙන බවද ඔහු අවධාරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා එම ධූරවලින් ඉවත් කිරීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව කටයුතු කර ඇත. ඊයේ (26) රාත්‍රියේ ජනාධිපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රිලනිප විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මේ තීන්දුව ගෙන තිබේ.

ඒ අනූව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න පත්කර ඇති අතර නව මාධ්‍ය ප්‍රකාශක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පත්කර තිබේ.

Leave A Reply

Your email address will not be published.

one × four =