විවාහයක් ලියාපදිංචිකිරීම පමණයි, අවමගුලක් පැය 24ක් ඇතුළත අවසන් කළ යුතුයි

රටේ උග්‍රවෙමින් තිබෙන තත්වය මත විවාහයක් ලියාපදිංචි කිරීම සඳහා ළඟම ඥාතීන්, රෙජිස්ට්‍රාර්වරයා හා සාක්ෂිකරුවන්ගෙන් සමන්විත 15 දෙනකුගෙන් යුක්ත කණ්ඩායමකට පමණක් අවසර ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

කෙසේ නමුත් විවාහ මංගලෝත්සව පැවැත්වීම සපුරා තහනම් බව ද පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නව රෙගුලාසි ඇනුව මෙම නිගමනවලට එළඹ ඇති බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර අවමංගල්‍ය උත්සවයක් සඳහා පුද්ගලයන් 15 දෙනකු පමණක් සහභාගී කරවා ගත යුතු අතර එය පැය 24ක් ඇතුළත අවසන් කළ යුතු බවත් මෙම කෝවිඩ් මරණ හැර අනෙක් මරණ සඳහා වලංගුවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Leave A Reply

Your email address will not be published.

three × three =