සේරුවිල රජමහා විහාරධිපති හිමියෝ ඉන්දියාවේදී කොරෝනා වැළදීමෙන් අපවත්වෙති

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් සේරුවිල මංගල රාජමහා විහාරාධිපති අමරපුර කල්‍යාණ වංශික මහා නිකායේ නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක මුංහේනේ මෙත්තාරාම නාහිමියෝ ඉන්දියාවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත්වී ඇතැයි එම විහාරස්ථාන ආරංචි මාර්ග කියයි.

ශල්‍ය කර්මයක් සඳහා මීට මසකට පමණ පෙර ඉන්දියාවට ගිය උන්වහන්සේ එම රෝහලේ දී ශල්‍යකර්මයට සූදානම්ව සිටින අතර තුර කොරෝනා ආසාදනය වී තිබෙන බව පැවසේ.

කොරෝනා තත්ත්වය නිසා දේහය මෙරටට වැඩම කරවීම අවිනිශ්චිතය.

Leave A Reply

Your email address will not be published.

eleven − 9 =