මාලිංග යලි විස්සයි – 20 පිලට එක්වෙයිද?

විස්සයි – 20 කණ්ඩායමේ හිටපු නායක ලසිත් මාලිංගගේ ක්‍රිකට් දිවියේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා ක්‍රිකට් තේරීම් කමිටුව ලසිත් මාලිංගව කැඳවා ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම සාකච්ඡා ලසිත් මාලිංග යලි ශ්‍රී ලංකා විස්සයි -20 කණ්ඩායමට ඇතුලත් කර ගැනීමේ කතාබහක් විය හැකි යැයි වැඩි දුරටත් සඳහන් කරයි.
මේ අතර තේරීම් කමිටු නිලධාරීහු අවධාරණය කරන්නේ සාකච්ඡාවේ ප්‍රතිඵලය කුමක් වූවද යළි ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වීමට නම් ඔහු අනිවාර්යයෙන්ම ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය සමත් විය යුතු බවයි.
නමුත් මාලිංගගේ අදහස නම් තමාට ඕනෑම අවස්ථාවකදී ජාතික කණ්ඩායමට එක්වෙමින් දස්කම් දැක්විය හැකි බවද තමන්ට ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණ අනවශ්‍ය බවයි.

ලසිත් මාලිංග මේ වන විට ටෙස්ට් සහ එක්දින අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගෙන ඇතත් විස්සයි-20 අන්තර්ජාතික තරග වලින් සමුගෙන නොමැත.
2020 මාර්තු මාසයේදී කොදෙව් පිලට එරෙහිව ලසිත් මාලිංග අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළේය.

Leave A Reply

Your email address will not be published.

twenty − 11 =