මෙරට දිනකදී වැඩිම කොවිඩ් ආසාදිත මරණ ඊයේ (10) 26 ක්

දිනකදී මෙරට වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ වාර්තා වෙමින් ඊයේ (10) කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ පවසයි.

මේ අතර වත්තේගම ප්‍රදේශයේ පදිංචි මාස තුනක් වයසැති දැරියක් ද මියගොස් තිබේ. මහනුවර ජාතික රෝහලේ දී පෙරෙයිදා (09) කොවිඩ් නිව්මෝනියාව තත්වයක් හේතුවෙන් මිය ගිය බව වෛද්‍ය අංශ පවසයි.

මෙම මරණ මැයි 03 වනදා සිට ඊයේ (10) දක්වා වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පවසයි.

මෙම මරණ 26 ත් සමඟ මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 827කි.

Leave A Reply

Your email address will not be published.

13 − seven =