මහ බැංකු බැදුම්කර වංචාවේ ප්රධාන චූදිත අර්ජුන් ඇලෝසියස් විසින් අගමැති රනිල් වික්රමසිංහට රුපියල් මිලියන 75ක මුදලක් ඔහුගේ නිවෙසට ගෙන ගොස් භාර දී ඇති බව වාර්තා වේ.
මෙම මුදල භාරදී ඇත්තේ 2015 ජූලි 23 වැනිදා කොළඹ 03, පස්වැනි පටුමගේ පිහිටි රනිල් වික්රමසිංහගේ පුද්ගලික නිවසට ගොස් බවද එදින රාත්රියේ අටට පමණ අර්ජුන් ඇලෝසියස් නිවසට පැමිණෙන බව දැනුම් දීමෙන් පසුව ආරක්ෂක අංශ වලට ඒ බව දැනුම් දී ඇති බවද සඳහන්ය. පසුව අර්ජුන් ඇලෝසියස් පැමිණ රනිල් වික්රමසිංහගේ නිවසේ කාමරයකට ගොස් මිලියන 75 ක මුදල ප්රමාණයක් ලබා දී ඇති බවද පැවසේ.
මේ ගනුදෙනුව සම්බන්ධයෙන් හා තවත් බොහෝ තොරතුරු සිංගප්පූරුවේ සිට හෙළි කිරීමට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් සූදානම්වන බවට ද මේ වන විට තොරතුරු ලැබෙමින් තිබේ.