ඇෆ්ගනිස්තානයේ බෝම්බ පිපිරීමෙන් පාසල් සිසුන් 50ක් මරුට !

ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයේ පාසලක් ඉදිරිපිට ඉකුත් සෙනසුරාදා සිදුවූ බෝම්බ පිපිරීමෙන් මියගිය අය අතරින් 50කට වැඩි පිරිසක් පාසල් සිසුන් බව අනාවරණය වී තිබේ.

එහිදී මියගිය මුලු පුද්ගලයන් සංඛ්‍යාව 83 ක් බවත් තුවාල ලැබූ සංඛ්‍යාව 147 ක්,පමණ බවත් එරට වාර්තා සදහන් කරයි.

තුවාලකරුවන් බහුතරයද පාසල් සිසුන් වන බව එරට වාර්තාවල දැක්වේ.

කාබුල් නගරයේ හසාරා ප්‍රජාවේ පාසලක් ඉලක්ක කරගෙන මෙම බෝම්බ ප්‍රහාරය එල්ලවීම විශේෂත්වකි.

ඇමරිකානු හමුදා සැප්තැම්බර් මාසයේ ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වන බව ප්‍රකාශ කිරීමත් සමග එරට ප්‍රචණ්ඩ ක්‍රියා මේ වනවිට ඉහළ ගොස් තිබේ.

 

Leave A Reply

Your email address will not be published.

four − one =