“ආණ්ඩුව වගේ බොරු වාර්තා අපි දෙන්නේ නෑ”. “රෝහල් කොච්චර හැදුවත් ඒවාට කාර්ය මණ්ඩලය කෝ?”

- මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අවධාරණය කරන්නේ ඇඳන්, රෝහල් අලුතෙන් හැදුව ද දිනෙන් දින වැඩිවෙමින් පවතින රෝගීන් කළමනාකරණය කිරීම සඳහා ප්‍රමාණවත් රෝහල් කාර්ය මණ්ඩලයක් නොමැති වීම බරපතල තත්ත්වයක් බවයි.
ජනාධිපතිට, අගමැතිට, සෞඛ්‍ය ඇමැතිට, සෞඛ්‍ය ලේකම්ට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට මේ සම්බන්ධයෙන් කීවද වැඩක් නොවූ බව ද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මෙම අදහස් පළ කළේ ජනමාධ්‍ය වෙත වත්මන් මෙරට කොවිඩ් 19 තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කරමිනි.

‘අපි අඩුපාඩු පෙන්වද්දි අපිට ආණ්ඩු විරෝධීන් කියනවා. අපි ආණ්ඩුවිරෝධීන් නෙමෙයි.‘ ‘මේ වන විට හෙද නිලධාරීන් 246ක් කොවිඩ් නිසා රෝගී වෙලා ඉන්නවා. මේවා සත්‍ය වාර්තා. ආණ්ඩුව වගේ බොරු වාර්තා අපි දෙන්නේ නෑ.’ යැයි ද මුරුත්තෙට්ටුවේ හිමියන් සඳහන් කළේය.

‘මේ වන විට ඇඳන් සංඛ්‍යාව මදි රෝගීන්ට. ඒ වගේම සාත්තු සේවකයින්, පුහුණු හෙද නිලධාරීන් මදි. රෝගය එන්න එන්න ව්‍යාප්ත වෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ විමර්ශන වාර්තා බැලුවොත් සැප්තැම්බර් පළමුවෙනිදා වන විට කොවිඩ් මරණ 20800 දක්වා වර්ධනය විය හැකි බව කියල තියනවා. මේ වාර්තාව අපි ගාව විතරක් නෙමෙයි. ආණ්ඩුවෙත් තියෙනවා.’
‘ඒ අස්සේ අපි දැක්කා මේගොල්ලෝ ඇඳන් 1100ක රෝහලක් හදන්න හදනවා කියලා. රෝහල් හදන්න පුලුවන්. බිල්ඩින් හදන්න පුලුවන්. කෝ මේවට සේවකයෝ? කෝ මේවට පුහුණු හෙදියෝ? කෝ මේවට අවශ්‍ය වෛද්‍ය උපකරණ? මොනවත් නෑ. ඇඳන් 1100 හදලා දැම්මා කියලා මේක ජයගන්න පුලුවන්කමක් නෑ. අද සෑහෙන්න රෝහල් වහලා තියනවා කාර්ය මණ්ඩලය නැතුව. ඒ්වා ප්‍රතිසංස්කරණය කරලා ගන්න. ‘
එදා කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා දායක වූ වෛද්‍ය අනිල් ජාසිංහ, ජයරුවන් බණ්ඩාර, අමල් සිල්වා වැනි නිලධාරීන් මේ වන විට කොවිඩ් සම්බන්ධ කිසිම කමිටුවකට පත් කර නැහැ.

“සේවකයන් හරියට දෙන්න බැරි නම් අඩුම තරමේ සුමාන දෙකක්වත් මේ රට වහන්න. මේ රට වහන්නේ නැතිව මෙ යන ගමන සුබදායක වෙන්නේ නෑ. ‘
‘මේක තවදුරටත් ඉන්දියාවක් කරන්නේ නැතුව විශාලා මහනුවරක් කරන්නේ නැතුව දූරදර්ශීය මේක ඉවරයක් කරන්න. ‘
‘පළවෙනි එන්නත දුන්නා. දෙවැනි එක දීගන්න බෑ. හොර ගුහාවලින් මේක දෙන්නේ. ‘ යැයි ද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ප්‍රකාශ කළහ.

Leave A Reply

Your email address will not be published.

3 × 3 =