බැරිනම් පක්ෂයෙන් යන්න – ෆොන්සේකා සජිත් ඇතුළු පිරිසට කියයි

පක්ෂය තුල විනය ගරුකව සිටින්නට බැරිනම් පක්ෂයෙන් පිටව යන ලෙස සජිත් ප්‍රේමදාසට හිතවාදී කණ්ඩායම් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට සිටින්නේ පක්ෂය විසින් අනුමත කළ වැඩපිළිවෙලක නොවන බවත් පක්ෂ නායකයා සහ පක්ෂ හෙළා දකින්නට කටයුතු කරන අයට සම්බන්ධයෙන් පක්ෂයේ විනය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු කියයි.

අද වන විට කිහිපදෙනකු සජිත් ප්‍රේමදාස සමග කැරලි ගහන තත්ත්වයට පත්ව සිටින බවත් අනෙක් පක්ෂයේ පොදු මතයත් සමග සිටින බවත් ඔහු සඳහන් කළේය.

පසුගිය දා පැවති උත්සවයකින් පසු මාධ්‍ය අමතමින් ෆොන්සේකා මහතා මේ බව පැවසීය.

Leave A Reply

Your email address will not be published.

nineteen − eighteen =