බදුල්ලේ PHI වරුන් නිවාඩු දමා වැඩවර්ජනයක

බදුල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද (10) අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නිරතවීමට තීරණය කරයි.

දිස්ත්‍රික්කය තුළ කොවිඩ් මර්ධන කටයුතු සඳහා වන වැඩි පිළිවෙල නිසි පරිදි සිදු කිරීමට හැකියාවක් නොමැති නිසා එම තීරණය ගත් බව එම දිස්ත්‍රික්කයේ සභාපති රංජිත් දිසානායක මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.

කොවිඩ් ආසාදිතයින් සොයා යෑමේදී සහ ඔවුන් සමඟ සමීපව කටයුතු කරනු ලබන කණ්ඩායමක් වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවරෙන්නේ කිනම් රාජකාරි දැයි නිශ්චිතව පැහැදිලි කර ගැනීමට අවශ්‍ය වුවත් අද වන තුරුද ඒවා දැනුම් දී නොමැති තත්වයක් හමුවේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.

බදුල්ල දිස්ත්‍රික්කයේ නිරෝධායනය ක්‍රියාවලිය අවිධිමත් ලෙස සිදුවන බවද , කොවිඩ් රෝග ආශ්‍රිතයින් සොයා ගැනීම, පීසීආර් සිදුකිරීම හා ආසාදිතයින් රෝහල්ගත කිරීම වැනි කටයුතු ද බොහෝ සෙයින් අක්‍රමවත් වී ඇතැයි ද සඳහන් කළේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,
“මේ නෛතික ක්‍රියාවලිය තුළ නිශ්චිතව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවරෙන රාජකාරි මොනවා ද කියන එක අපට පැහැදිලි කර ගැනීමේ අවශ්‍යතාවය තිබුණා. ඒ සඳහා ප්‍රධාන ලේකම්තුමා සහ සෞඛ්‍ය ලේකම්තුමා සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරා මේ තීරණ පරිදි ක්‍රියාත්මක වෙන්න කියලා. නමුත් ඒ තීරණ අද වෙනකල් ඔවුන් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වෙලා තියෙනවා. මේ තුළ වෘත්තීය අයිතීන් දිනාගැනීමක් නෑ. බදුල්ලේ ජනතාවට ගුණාත්මකව මේ සේවය ඉටුකිරීමේ අවශ්‍යතාවය තමයි අපිට තියෙන්නේ. “

Leave A Reply

Your email address will not be published.

3 + six =