“Good Bye Dada!” මේ අවසන් සමුගැනීම ය

මේ තාත්තාත් පුතාත් දෙරටකය.
තාත්තා ඉන්දියාවේය. වෙබ් අඩවිවල සඳහන් වූ ආකාරයට පුත්‍රයා ඉතාලියේ ය.
වසරකට කිහිපවරක් සිය මව්රටේදී මුණගැසීම මේ දෙදෙනාගේ සිරිතක් වුවත් කොවිඩ් සමඟ පැමිණි සංචරණ සීමා නිසා ඔවුනට දෙරටක තනිවීමට සිදු විය.
ඉන්දියාව පුරා කොවිඩ් ‘සුනාමි’ රැල්ල පැතිර යනවිට අසූ අට හැවිරිදි තාත්තා එයට ගොදුරු වූයේ ය.
මරණය මුවවිට බවත්, ආපසු හැරීමක් නොවන බවත් දන්නා තාත්තා, දැඩිසත්කාර ඒකකයේ සිට හෙදියක් අමතා, තම පුතුට වීඩියෝ ඇමතුමක් ලබාදෙන ලෙස ඉල්ලා තිබිණි.
මේ අවසන් සමුගැනීම ය.
මේ සටහන තබන මොහොත වනවිට ඉන්දියාවේ කොවිඩ් මරණ 242,398 ක් බව සංඛ්‍යාලේඛනවල දැක්වේ. ඔබ මෙය කියවන මොහොත ගැන මා දන්නෙ නැත.
මේ තාත්තා සහ පුතා ඉන් තනි ඛේදවාචකයක් පමණි.
හිතවතුනි,
කොරෝනා වෛරසයේ මාරාන්තික ඉන්දීය ප්‍රභේදය ලංකාවෙන් හමුවී ඇති මොහොතක :
ඇඳන් තිබූ පළියට කොවිඩ් සනීප වන්නේ නැත.
කොවිඩ් නැති කාලයකත් අපිට ඇත්තේ සීමිත ICU ඇඳන් ප්‍රමාණයකි. එහෙව් එකේ මේ මොහොත ගැන සිතන්න.
පරිස්සම් වෙන්න.
ඔබේත්, ඔබේ ආදරණීයයන්ගේත් පරිස්සම වෙනුවෙන්, හැකි සෑම විටම ගෙදර ඉන්න.
අත්‍යවශ්‍ය කටයුත්තකදී පිටතට යනවිට සෞඛ්‍යමාර්ගෝපදේශන පිළිපදින්න.
ඔබ ඉදිරියේ සිටින්නා වාහකයෙකු ලෙස සළකා ප්‍රවේශම් වන්න.
කොවිඩ් පොසිව්ටිව් හෝ නිරෝධායනයේ සිටින ඔබේ අසල්වැසියාට සහය වන්න.
රජය හෝ මාධ්‍යයෙන් පෙන්වන තරම් තත්ත්වය ලිහිල් නැති බව මතක තබාගන්න.ඔබව පරිස්සම් කිරීම ළදරුවන්ට භාර නොකරන්න.
ඔබව වටින්නේ ඔබේ පවුලට ය. ළඟම උන්ටය.
උන්ට විතරමය.
-සඳිනි ප්‍රර්ථනා තෙන්නකෝන් (fb)

Leave A Reply

Your email address will not be published.

16 + 9 =