මෙරට සමස්ත කොවිඩ් මරණ 800 සීමාව ඉක්මවයි

අද (09) දිනයේ තවත් කොවිඩ් මරණ 15ක් වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 800 සීමාව ඉක්මවා ගියේය.

මේ සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 801ක් ලෙස වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

මෙම මියගිය පිරිස බණ්ඩාරගම, අම්පිටිය, ගණේමුල්ල, රාගම, කුලියාපිටිය දෙදෙනෙක්, බිබිල, ගල්කිරියාගම, පස්සර, වස්කඩුව , නෑබොඩ, බෝඹුවල, නාවුත්තුඩුව, කොළඹ 07 සහ මඩොල්කැලේ මෙලෙස මියගොස් ඇත.

Leave A Reply

Your email address will not be published.

one × 4 =