ටෙක්සාස් හිදී උෂාන් තිවංකගෙන් නව දකුණු ආසියානු වාර්තාවක්

ඔහු විසින්ම මීට පෙර පිහිටුවා තිබූ පිරිමි උස පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාව යළිත් වරක් අලුත් කිරීමට ශ්‍රී ලංකා උස පැනීමේ ක්‍රීඩක උෂාන් තිවංක සමත්ව තිබේ.

අමෙරිකාවේ ටෙක්සාස් හි පැවැති මලල ක්‍රීඩා තරඟාවලිය දී මෙම නව වාර්තාව පිහිටුවා ඇති තිවංක මේ වන විට අමෙරිකාවේ වාසය කරයි.

උෂාන් තිවංක මෙම තරඟයේදී මීටර් 2.30ක් වාර්තා කළ අතර, ඔහු විසින්ම මීට පෙර පිහිටුවා තිබූ වාර්තා මීටර් 2.28 කි.
මෙය දකුණු ආසියාවේ උස පැනීම ඉසව්වෙන් වාර්තා වු හොඳම දක්ෂතාවය ලෙසද වාර්තා පොත් වලට එක්විය.

ටෙක්සාස් ප්‍රාන්තයේ A&M University-Commerce නම් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යත්වයක් සඳහා පසුගිය වසරේදී ඇමෙරිකාවට ගොස් ඇති උෂාන් තිවංක මීගමුවේ මාරිස් ස්ටෙලා විද්‍යාලයේ සිසුවෙකි.

Leave A Reply

Your email address will not be published.

one × two =