අවදානම ඉහළ යවමින් අද මෙරට කොවිඩ් ආසාදිතයින් 2,659ක්

මෙරටින් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන අද(09) වාර්තා වෙමින් ආසාදිතයින් 2,659ක් ලෙස සටහන් වන බව සෞඛ්‍ය අංශ පවසයි.
මුලින් අද පස්වරුවේ කොවිඩ් ආසාදිතයින් 1,732ක් වාර්තා වු අතර රාත්‍රී වන විට තවත් ආසාදිතයින් 927ක් වාර්තා විය.

මේ අනුව අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,659ක් වේ.

මෙම නව ආසාදිතයින් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,25,906 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Leave A Reply

Your email address will not be published.

fifteen − 10 =