“රට බරපතළ තත්ත්වයක තියෙන්නෙ, නිවැරදි තීරණ ගැනීම වැදගත්”- GMOA

“මේ වන විට රට බරපතළ තත්ත්වයක තියෙන්නේ. මෙය ඉතා වටිනා හෝරා කිහිපයක්. නිවැරදි තීරණ ගැනීම වැදගත්. ජනතාව මේ ගැන දැඩි සැලකිල්ලක් දක්වන්න අවශ්‍යයි” යනුවෙන් අද (09) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මාධ්‍ය හමුවකදී පැවසු අතර හැකිතරම් කාර්ය මණ්ඩල යොදවා සියලුම ප්‍රදේශවලට එන්නත් ලබා දීම සිදුකළ යුතු බවද අවධාරණය කළේය.

”මෙම වෛරසය බරපතළ ලෙස පෙනහළුවලට හානි කරනවා. සාමාන්‍ය නිව්මෝනියාවට වඩා මෙය බරපතළයි. රුධිරය කැටිගැසීමක් එක්ක මේ නිව්මෝනියා තත්ත්වය එන්න පුළුවන්. එවිට වෛද්‍යවරුන්ට ප්‍රතිකාර කිරීම හරිම අපහසුයි. ඔක්සිජන් අවශ්‍යතාව මෙන්ම දැඩි සත්කාර අවශ්‍යතාවය මතුවෙනව”

මෙය පළමු රැල්ල වගේ නෙමෙයි සුළු කාලයකින් ඉක්මනින් පැතිරෙනව. මේ නිසා හැම පුරවැසියෙක්ම මේ තත්ත්වය තේරුම් ගන්න අවශ්‍යයි. මෙය පළමු කොරෝනා රැල්ල වගේ සුළුවට තකන්න එපා.”

“දැනට තිබෙන තත්ත්වය ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු සංගම් විසින් ඒකාබද්ධ ලිපියක් ජනාධිපතිවරයා යොමුකර තිබෙනවා”

“සංචරණ සීමා පැනවීමේ වැදගත්කම එහිදී පෙන්වාදී තිබෙනවා. එය ජනගනත්වය සහ විද්‍යාත්මක පදනමක් මත සිදුවිය යුතු ආකාරය අපි දැනුවත් කළා”.යනුවෙන් පැවසිය.

 

Leave A Reply

Your email address will not be published.

ten − 9 =