එක් දිනයක වාර්තා වූ වැඩිම කොවිඩ් අසාදිත මරණ 22 ක් ඊයේ(08)

කොරෝනා ආසාදනය වීමෙන් ඊයේ (08) දිනයේ තවත් 22 ක් මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම සංඛ්‍යාව මෙය වෙයි. මේ සමඟ මෙරටින් වාර්තා වන සමස්ථ මරණ ගණන 786 දක්ව ඉහළ ගොස් තිබේ.

මෙම මිය ගිය පිරිස රාගම , කඩවත, මුල්ලේරියාව, තලවතුගොඩ, මෙරටුව, ලුණුකැටියමඩිත්ත, පදියපැල්ල, කොළඹ 08, බුලත්කොහුපිටිය, හුන්නස්ගිටිය, කටුගස්තොට, හල්ග්‍රන්ඔය, හොරොව්ඇල්ල, ගනේමුල්ල, ගුරුදෙණිය, කඩවත, බිබිල, අගලවත්ත, වලහන්දූව,පෝද්දල, ගලගෙදර සහ ගන්නෝරුව පුද්ගලයෙක් මෙසේ මියගිය  අය  අතර වෙයි.

Leave A Reply

Your email address will not be published.

twenty − 7 =