ගෝලීය ආර්ථික අසමානතාව පිළිබඳ මේ කරුණු දැනසිටියා ද?

මේ වන විට ලෝකයේ ඇති-නැති පරතරය ඉතා වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. දුප්පත් සහ පොහොසත් භේදය විසින් ලෝකය තුළ මේ වන විට දරුණු මානව ඛේදවාචකයක් නිර්මාණය කරමින් තිබෙන තත්ත්වයක් දැකිය හැකියි. අත්‍යන්ත අසමානතාව (Extreme Inequality) විසින් ලෝකයට මේ වන විට ඉතිරි කර තිබෙන්නේ බරපතළ මානව ඛේදවාචකයක් පමණයි. ලෝකයේ බිලියනපතියන් වේගයෙන් ඉහළ යමින් සිටිය දී ඊට වැඩි වේගයකින් ලෝකයේ දිළිඳු ජනතාව ඉහළ යමින් සිටිනවා. අත්‍යන්ත දිළිඳුකම සහ අත්‍යන්ත ධනවත්කම (Extreme Poverty vs Extreme Wealth) අතර විශාල පරතරයක් මේ වන විට දැකිය හැකියි.
මේ වන විට ලෝකයේ පාසල් යා යුතු වයසේ පසු වන දරු දැරියන්ගෙන් 1/5ක් නැතිනම් දළ වශයෙන් මිලියන 250ක් පමණ දරුවන්ට පාසල් යාමේ හැකියාව මෙම සමාජ ක්‍රමය විසින් අහුරා තිබෙනවා. එමෙන්ම ඒ අතුරින් දැඩි බලපැමක් එල්ල වී තිබෙන්නේ ගැහැනු දරුවන් වෙත. පාසල් යා යුතු වයසේ පසු වන පිරිමි දරුවන් 100කට එම අවස්ථාව අහිමි වන විට ගැහැනු දරුවන් 121කට එම අවස්ථාව අහිමිව තිබෙනවා. ඒ වාගේම ලෝකයේ දරු දැරියන්ගෙන් 20%ක් අන්ත දරිද්‍රතා කඩඉමෙන් පහළ ජීවත් වනවා. එමෙන්ම දරුවන් විශාල වශයෙන් ශාරීරික සහ මානසික ප්‍රචණ්ඩත්වය ගොදුරු වීම මහා පොදු ඛේදවාචකයක් බවට පත් වෙලා. 
  1. ලෝකයේ ඉහළම ආදායම් ලබන 1%ක් සතුව ඇති ධනයේ ප්‍රමාණය, ලෝකයේ පහළම ආදායම් ලබන බිලියන 6.9ක් වන සමස්ත ජනතාව වාර්ෂිකව ලබන ආදායම මෙන් දෙගුණයක් වන බව ඔක්ස්ෆෑම් ආයතනය මෑතක දී හෙළි කරනු ලැබුවා. එමෙන්ම ලෝකයේ සමස්ත ජනතාවගෙන් හරි අඩක් ජනතාව දිනකට ලබන්නේ ඩොලර් 5.5කට අඩු ආදායමක්. ඒ වාගේම මේ වන විට ලෝකයේ අත්‍යන්ත දිළිඳුකමින්  (Extreme poverty) පෙළෙන ජනගහනය මිලියන 735ක්. ඒ කියන්නේ දිනකට මේ පිරිසේ එක් අයකු ලබන ආදායම ‍ඇමෙරිකානු ඩොලර් 1.9ක් හෝ ඊට අඩුයි. දළ වශයෙන් රුපියල්වලින් නම්, 375.00කට අඩු ප්‍රමාණයක්. රුපියල් 375.00කින් අද පුද්ගලයකුට ජීවත් විය හැකි ද?
  2. ලෝකයේ සමස්ත බදු ආදායම්වලින් ධනවතුන්ගෙන් ලැබෙන්නේ ඩොලරයකට සත 04ක් පමණයි. ඒ වගේම ධනවතුන්ගෙන් 30%ක් පමණ විවිධ උපායමාර්ග භාවිත කරමින් බදු ගෙවීම්වලින් මඟහැර සිටිනවා. ඒ වගේම ලෝකයේ සමස්ත බදු ආදායම්වලින් සාතිශය බහුතරයක් වක්‍ර බදු වන අතර, ඒවා ගෙවනු ලබන්නේ, සාමාන්‍ය දිළිඳු ජනතාවයි. බොහෝ දිළිඳු රටවල සෘජු බදු ආදායම 20%කට වඩා පහළ අගයක් ගන්නා විට 80%ක්ම වක්‍ර බදු වනවා. එහි අර්ථය වන්නේ, බහුතරයක් වන සාමාන්‍ය ජනතාව නැවත නැවත රජයට බදු ලෙස විශාල මුදලක් ගෙවද්දී, ධනවතුන් එය පැහැර හරිමින් හෝ විවිධ ආණ්ඩු විසින් එසේ පැහැර හැරීමට අවකාශ ලබාදෙමින් තිබෙන බවයි. (under tax the rich) එමෙන්ම සෞඛ්‍යය සහ අධ්‍යාපනය වැනි දිළිඳු ජනතාවට ඉතාම අත්‍යවශ්‍ය සේවා සඳහා සිදු කරනු ලබන ආයෝජන ඉතා වේගයෙන් සීමා කරමින් තිබෙන අතර, ඒ වෙනුවට බිලියනපතියන්ගේ ව්‍යාපාර සඳහා සෘජුව වැදගත් වන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා විශාල වශයෙන් ආයෝජනය කරමින් සිටිනවා. මෙම මහා පරිමාණ ආයෝජන බොහෝ දුරට සිදු කරන්නේ මහා මාර්ග සහ අනෙකුත් ව්‍යාපාර සඳහා සෘජුව වැදගත් වන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහායි. නමුත්, එය සෘජුව සහ ඉක්මනින් දිළිඳු ජනතාවට ප්‍රතිඵලදායක නැහැ. එමෙන්ම පොදුවේ අවසංවර්ධිත රටවල සමස්ත බදු ආදායමින් 30%ක් ඉක්ම වූ ප්‍රමාණයක් දේශපාලකයන් සහ නිලධාරී පැලැන්තිය විසින් වාර්ෂිකව දූෂණයට ලක් කරමින් තිබෙනවා.
  1. මේ වන විට ලෝකයේ පාසල් යා යුතු වයසේ පසු වන දරු දැරියන්ගෙන් 1/5ක් නැතිනම් දළ වශයෙන් මිලියන 250ක් පමණ දරුවන්ට පාසල් යාමේ හැකියාව මෙම සමාජ ක්‍රමය විසින් අහුරා තිබෙනවා. එමෙන්ම ඒ අතුරින් දැඩි බලපැමක් එල්ල වී තිබෙන්නේ ගැහැනු දරුවන් වෙත. පාසල් යා යුතු වයසේ පසු වන පිරිමි දරුවන් 100කට එම අවස්ථාව අහිමි වන විට ගැහැනු දරුවන් 121කට එම අවස්ථාව අහිමිව තිබෙනවා. ඒ වාගේම ලෝකයේ දරු දැරියන්ගෙන් 20%ක් අන්ත දරිද්‍රතා කඩඉමෙන් පහළ ජීවත් වනවා. එමෙන්ම දරුවන් විශාල වශයෙන් ශාරීරික සහ මානසික ප්‍රචණ්ඩත්වය ගොදුරු වීම මහා පොදු ඛේදවාචකයක් බවට පත් වෙලා.
  2. ගෙවන සෑම දිනකම සුදුසු සහ ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් නොමැතිකම හේතුවෙන් ලෝකයේ දිළිඳු පුද්ගලයන් 10,000ක් දෙනා මිය යනවා. ඒ වාගේම සෑම වසරකම තමන්ට දැරීමට සිදුව ඇති සෞඛ්‍ය වියදම් හේතුවෙන් මිලියන 100ක් දෙනා අන්ත දිළිඳුකමට ඇදවැටෙනවා. ධනවත් පුද්ගලයන් ජිවත් වන කාලයට වඩා වසර 10-20ත් අතර ප්‍රමාණයකට කලින් මියැදීමට මේ හේතුවෙන් ලෝකයේ දිළිඳු ජනතාවට සිදුව තිබෙනවා. ධනවත් පවුලක දරුවකු වසර 05කට පෙර මියදීමට ඇති සම්භාවිතාවට වඩා දෙගුණයක සම්භාවිතාවක් දිළිඳු පවුලක දරුවකු මිය යාමේ සම්භාවිතාවක් පවතිනවා. මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන්නේ, ප්‍රමාණවත් සහ ගුණාත්මක සෞඛ්‍ය පහසුකම් නොමැති වීමයි.
  3. එමෙන්ම ස්ත්‍රී-පුරුෂ භේදය ද ඉතා දරුණු ලෙස දක්නට ලැබෙනවා. ලෝකයේ සමස්ත කාන්තාවන් සතු ධනය මෙන් 50%කට වැඩි ධනයක් පිරිමි පුද්ගලයන් සතුවනවා. එමෙන්ම ලෝකයේ කාන්තාවන් විසින් කිසිදු ගෙවීමකින් තොරව නිවාසවල සහ අනෙකුත් ස්ථානවල සිදු කරනු ලබන සේවාවල වාර්ෂික වටිනාකම ඩොලර් ට්‍රිලියන 10.8ක් වන අතර එය ලෝකයේ සමස්ත තාක්ෂණ කර්මාන්තවල වටිනාකම මෙන් තුන්ගුණයක්. ඒ වාගේම ‍ලෝකයේ සමස්ත කාන්තාවන්ගෙන් 35%ක් දෙනා සෑම දිනකම කුමන හෝ ප්‍රචණ්ඩත්වයකට සිය නිවසේ දී හෝ වැඩපොළේ දී හෝ මහපාරේ දී හෝ මුහුණ දෙනවා. එමෙන්ම ලෝකයේ සිදු වන මාතෘ මරණවලින් 99%ක්ම සිදු වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල.

වත්මන් සමාජ ක්‍රමය විසින් ලෝකයට ඉතිරි කර ඇති ශේෂ පත්‍රයෙන් කොටසක් පමණක් ඉහත දැක්වෙනවා. සත්‍ය තත්ත්වය මෙම සංඛ්‍යාලේඛනවලට වඩා වෙනස්. නිදසුනක් ලෙස ලෝකයේ දිනකට උපදින දරුවන් 05 දෙනකුගෙන් එක් අයකු පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වන්නේ නැහැ. ඒ කියන්නේ අඩුම ගණනේ නියමිතව ස්ථාපනය කරන ලද සෞඛ්‍ය පද්ධතියක ඔවුන් උපදින්නේ නැහැ. ඒ නිසාම අද ද ලෝකයේ දරුවන් පිළිබඳව වන නිවැරදි සංඛ්‍යාලේඛනයක් පවා ලබා ගත නොහැකියි. ඒ වගේම දිළිඳු රටවල සිදු වන මරණ ප්‍රමාණයත්, විරැකියාව පිළිබඳව මෙන්ම දිළිඳුකම පිළිබඳව වන සංඛ්‍යාලේඛනවල තත්ත්වයත් එලෙසමයි. මේ වන විට ලෝකයේ සමස්ත වත්කම්වලින් 85%ක් හිමි කර ගෙන සිටින්නේ ලෝකයේ ධනවත්ම පුද්ගලයන් 10%ක් විසින්. එහි අර්ථය වන්නේ, ලෝකයේ සමස්ත ජනගහනයෙන් 90%කට හිමිව තිබෙන්නේ සමස්ත වත්කම්වලින් 15%ක් පමණයි. එමෙන්ම ලෝකයේ ධනවත්ම පුද්ගලයන් 1%ක් විසින් අත්පත් කර ගෙන සිටින වත්කම් ප්‍රමාණය 51%ක්. ඒ අනුව වත්මන් සමාජ ක්‍රමය විසින් ලෝකයට දායාද කර ඇත්තේ සුළු පටු අසමානතාවක් නෙමෙයි. ඇත්තෙන්ම එය මානව ඉතිහාසයේ දරුණුම ඛේදවාචකය සටහන් කරමින් තිබෙනවා●

(මූලාශ්‍රය: World Inequality Report 2020, World Wealth and Income Database Oxfam Report)

අනුහස් බණ්ඩාර
Leave A Reply

Your email address will not be published.

9 − 8 =