‘ති.නා.’ චිත්‍රපට එකතුව දැන් Evoke සහ Hungama වෙතින්

දුරකථන සේවා සමාගම් වෙනුවෙන් අගය එකතු කළ සේවාවන් පිරිනැමීමේ ප්‍රමුඛයකු වන Evoke International සමාගම, චිත්‍රපට සංරක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියකු වූ තිස්ස නාගොඩවිතාන මහතා සතුව පැවති චිත්‍රපට එකතුවේ ජංගම බලපත්‍ර හිමිකම් (Mobile Licensing Rights) ලබාගෙන තිබේ. දශක ගණනාවක් පුරා නිර්මාණය වූ චිත්‍රපට රාශියක් මෙම එකතුවට ඇතුළත් වී ඇත. මින් ඉදිරියට මෙම චිත්‍රපට දකුණු ආසියාවේ ජනප්‍රියම streaming සේවාව ලෙස සැලකෙන ්‍Hungama Play Mobile App ඔස්සේ නැරඹිය හැකි ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, Evoke International සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ ලහිරු වික්‍රමසිංහ මහතා මෙසේ පැවසී ය: “දේශීය සමාගමක් ලෙස, විශේෂයෙන්ම සිංහල චිත්‍රපට විශාල සංඛ්‍යාවක් ඇතුළත් මෙවැනි සුවිශේෂී චිත්‍රපට එකතුවක හිමිකම් ලබා ගැනීමට මෙන්ම එම චිත්‍රපට ප්‍රේක්ෂකයන්ට සමීප කරවීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් ආඩම්බර වනවා. මේ වැඩසටහන ඔස්සේ දේශීය සිනමාව සම්බන්ධයෙන් තරුණ පරපුර තුළ ඇති උනන්දුව තව දුරටත් වර්ධනය වනු දැකීම අපගේ බලාපොරොත්තුවයි.”

Evoke සහ Hungama අතර හවුල්කාරීත්වය ආරම්භ වූයේ 2013 වසරේ දී ය. එදා පටන්, Hungama හි අතිවිශාල චිත්‍රපට සහ වීඩියෝ එකතුව නැරඹීම සඳහා දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලබාදීමට Evoke International සමාගමට හැකියාව ලැබී තිබේ. ඉංග්‍රීසි, හින්දි, දෙමළ හා තෙලිඟු වැනි භාෂාවලට අයත් චිත්‍රපට 5,000කට අධික සංඛ්‍යාවක්, පැය 7,500කට අධික ළමා වැඩසටහන් සහ සංගීතය, විකට වැඩසටහන් ඇතුළු විවිධ කාණ්ඩවලට අයත් වැඩසටහන් 1,50,000කට අධික සංඛ්‍යාවක් Hungama ඔස්සේ නැරඹිය හැකි ය.

Evoke යනු පූර්ණ අභ්‍යන්තර කණ්ඩායමක් සමඟින් පුළුල් පරාසයක පැතිරුණු, නිර්මාණශීලී, දත්ත පදනම් කර ගත් හා පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම් හා සේවාවන් පිරිනමන සමාගමකි. මෙම විසඳුම් හා සේවාවන් අතරට Mobile & Web Applications, WAP Products, IVR & Voice Services, SMSC, Content Aggregation, Content Production සහ Digital Media  යනාදිය ඇතුළත් වී තිබේ●

Leave A Reply

Your email address will not be published.

fifteen + 3 =