මෙරටින් ඉන්දීය වෛරස් ප්‍රභේදය සහිත ආසදිතයෙක්

විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටියදී ආසාදිතයෙකු බවට හඳුනාගත් පුද්ගලයෙකුගේ ජෛව සාම්පලයකින් ඉන්දීය කොවිඩ් වෛරස් ප්‍රභේදය හමුවූ බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ එම වෛරස් ප්‍රභේදය B.1.617 ලෙස හඳුන්වන බවය.
වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ එම වෛරස් ප්‍රභේදය මෙරටින් හඳුනාගත් පළමු අවස්ථාව මෙය බවයි.

ලෝකයේ සියලු රටවල් ඉන්දියාවේ පැතිරයන වෛරස් ප්‍රභේදයට බියක් දක්වත්දී මෙරට විදේශ සංචාරකයන් වෙනුවෙන් නිදහසේ ගුවන් තොටුපොල විවෘත කිරීම හේතුවෙන් පසුගිය මසක පමන කාලය තුල මෙරට පැමිනි විදේශ සංචාරකන්ගෙන් වැඩි පිරිසද ඉන්දියානුවන් බවට මේවනවිට අනාවරනය වී ඇත.

ලොවපුරා බොහෝ රටවල් ඉන්දියාවට ගුවන් ගමන් නවතා තිබියදී ලංකාව ඉන්දියාව සමඟ ගුවන් ගමන් නවතා දැම්මේ දැනට දින දෙකකට ඉහතදී එනම් 06 වෙනිදාය.

Leave A Reply

Your email address will not be published.

fourteen + 20 =