මෙරට වැඩිම කොවිඩ් -19 ආසාදීත මරණ ඊයේ 19 ක්

මෙතෙක් මෙරට දෛනිකව සිදුවූ වැඩිම කොවිඩ් -19 වෛරසය ආසාදීත මරණ ප්‍රමාණය වාර්තා වෙමින් තවත් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති බවට ඊයේ (07) දිනයේ තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ පවසයි.

මිට පෙර මෙරට දිනක් තුළ වැඩිම මරණ වාර්තා වී තිබුනේ 14 ක් ලෙසය. නමුත් ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ 19 ය මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් මරණ ගණන ලෙස දැක්වේ.

සුන්දර පුර, ඉලවාලෛයි, කෝන්ගහවෙල , රත්මලානේ ,දෙහිඅත්තකණ්ඩිය, බදුල්ල මහිලගස්තැන්න, වාද්දූව, කොළඹ -3 , රද්දොළුගම ,රාගම ,වැලිකඩ බන්ධනාගාරය තුළදි 68 හැවිරිදි කාන්තාවක්, පෝද්දල, අලපලාදෙණිය, අඟුලුගහ, හික්කඩුව ,අඟුලුගහ පුද්ගලයින් දෙදෙනෙක්, නුවරඑළිය හාවාඑළිය සහ අනුරාධපුර පුද්ගලයෙක් මිය ගිය අය අතර වෙයි

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 764කි.

 

Leave A Reply

Your email address will not be published.

two × 3 =