කෝට්ටේ නගරයේ පාසල් පහක් වැසී යාමේ තර්ජනයක

කෝට්ටේ නගරයේ රජයේ පාසල් ඉඩම් රැක ගනිමු යන තේමාව යටතේ පැවැති මාධ්‍ය සාකච්ඡාව පසුගිය දා බොරැල්ල ආචාර්ය එන් එම් පෙරේරා කේන්ද්‍රයේ දී පැවැත් විනි.
එම මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කරන කර තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ කෝට්ටේ ආසන බල මණ්ඩලය විසිනි කෝට්ටේ නගරයේ දැනට පාසල් පහක් වැසී යාමේ තර්ජනයකට ලක් වී තිබේ. ඒවා නම් උඩහමුල්ල විජයරාම විදුහල, ගංගොඩ විල රේවත රාජකීය විදුහල, ඔබේසේකරපුර සිරි පැරකුම්බා විද්‍යාලය, මොරගස්මුල්ල ශ්‍රී සෝභිත විද්‍යාලය සහ ඔබෙසෙකරපුර හින්දු විද්‍යාලය වේ මීට අමතර ව රාජගිරිය හේවාවිතාන ප්‍රාථමික විද්‍යාලය පිහිටි භූමියට නුගේගොඩ අධ්‍යාපන කාර්යාලය රැගෙන ඒමේ බලධාරීන්ගේ උවමනාවක් ඇත වැසී යාමේ තර්ජනයට ලක් වී ඇතැයි පවසමින් උඩහමුල්ල විජයරාම මහා විද්‍යාලය වසා දෙවි බාලිකා විද්‍යාලය රැගෙන ඒමේ ආණ්ඩුවේ බලධාරීන් කිහිප දෙනෙක් කටයුතු කරමින් සිටිති. මීට දැනටත් විජයරාම විද්‍යාලය ප්‍රාථමික විද්‍යාලයක් ලෙස මහා මායා විද්‍යාලයට අනුයුක්තව පවතී.

මෙන් ම මහමායා විද්‍යාලයේ ගොඩනැගිල්ලක් අබලන් වීම නිසා ඒහි හය වසර පන්ති දැනටමත් විජයරාම විද්‍යාලයේ පවත්වා ගෙන යනු ලබයි. මෙම තත්ත්වය මත කඩිමුඩියේ දේ බාලිකා විද්‍යාලය මෙතනට රැගෙන ඒමත් රාජගිරිය හේවාවිතාන ප්‍රාථමික විද්‍යාලයේ පවතින ගොඩනැගිලි සඳහා නුගේගොඩ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යාපන කාර්යාලය රැගෙන ඒම එම පාසල් වසා දැමීමේ කුමන්ත්‍රණයක් දැයි මෙම මාධ්‍ය සාකච්ඡාවට පැමිණි නාගරික මන්ත්‍රී අරෝෂ අතපත්තු දන්වා සිටියේ ය.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා නාගරික මන්ත්‍රී ජවිපෙ අරෝෂ අතපත්තු විජයරාම මහා විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතිය හිටපු කාරක සභිකයෙක් වන ඩබ්.ආර්.එම්. ජයතිලක මහතා සමාජවාදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් ඉෂාන් සුදර්ශන ජවිපෙ නාගරික මන්ත්‍රීවරුන් වන අජිත් ධම්මික සහ ඉන්ද්රා මල්කාන්ති යන අය සහභාගි විය.

Leave A Reply

Your email address will not be published.

nine − seven =