සූදුකාරයන්ගේ පවුල් වල අයටත් ක්‍රීඩා පරිපාලනය තහනම් කරයි

යම් පුද්ගලයෙකුගේ පවුලේ සාමාජිකයින් සූදු සහ ඔට්ටු තැබීමේ ව්‍යාපාරවලට සම්බන්ධ නම් ඔවුන් ක්‍රීඩා පරිපාලනයට එක්වීම වැළැක්වීම සඳහා ක්‍රීඩා පනත සංශෝධනය කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි. ඔහු මේ බව පැවසූයේ පසුගිය 22 වන දින පැවති මාධ්‍ය හමුවකදීය. ඊට අදාළ ගැසට් පත්‍රයට මේ වනවිටත් අත්සන් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

මීට පෙර පැවති නීතියෙහි සඳහන් වූයේ සූදු සහ ඔට්ටු තැබීමේ ව්‍යාපාර වලට සම්බන්ධ පුද්ගලයින්ට පමණක් ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධ විය නොහැකි බවයි. නව සංශෝධනයේ දී එම ව්‍යාපාරවල යෙදෙන අයගේ පවුල්වල සාමාජිකයන්ට ද ක්‍රීඩා පරිපාලනයට එක්වීම තහනම් කෙරෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Leave A Reply

Your email address will not be published.

18 − 17 =