කොරෝනා ආසාදිත හෙද නිලධාරීහු 70 ක්

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසන්නේ මේ වන විට රට පුරා හෙද නිලධාරීන් හැත්තෑවකට අධික සංඛ්‍යාවකට කොවීඩ් වසංගතය ආසාදනය වී සිටින බවයි.

මෙම ආසාදිතයන් අතර ත්‍රිකුණාමලය රෝහලෙන් 17ක්, රාගම රෝහලෙන් 8ක්, කෑගල්ල රෝහල‍ෙන් 4ක්, කුරුණෑගල රෝහලෙන් 3ක්, කරාපිටිය රෝහලෙන් 4ක් ආදී ලෙස දිවයින පුරා රෝහල්වලින් එම පිරිස හඳුනාගත් බව ද සමන් රත්නප්‍රිය සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.

9 + fifteen =