ජනපතිගේ තානාපති තෑග්ග නීතිපති එපා කියයි !

නීතිපති දප්පුල ද ලිවේරා විශ්‍රාම යාමෙන් අනතුරුව කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයා සූදානම් වී ඇත. මේ පිළිබඳව තමන්ට ලැබුණු ඉල්ලීම නීතිපති දප්පුල ද ලිවේරා ප්‍රතික්ෂේප කර ඇත.
නීතිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශිකා නීතිඥ නිෂාරා ජයරත්න පැවසුවේ, නීතිපතිවරයා විසින් ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් සිය ස්තූතිය පුද කරන ලද බවත්, තමන් තව දුරටත් ශ්‍රී ලංකාවේ රැඳීසිටීමට කැමැත්තෙන් පසුවන බව දැනුම් දුන් බවත්ය.
කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට හිටපු ගුවන් හමුදාපති සුමංගල ඩයස් පත් කළ ද, කැනඩා රජයෙන් ඔහුගේ පත්වීම පිළිගෙන තිබුණේ නැත.
මැයි මාසය අවසානයේ දී වයස අවුරුදු 60 සම්පූර්ණ වන දප්පුල ද ලිවේරා නීතිපති ධුරයෙන් විශ්‍රාම යාමට නියමිත ය. නීතිපති තනතුරේ විශ්‍රාම යන වයස සම්පූර්ණ කිරීමෙන් පසු නැවත එම තනතුරේ සේවා දිගුවක් ලබා ගැනීමට අවස්ථාවක් ව්‍යවස්ථාවෙන් හිමි නොවේ.
නිතිපතිවරයකු සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු මෙලෙස රාජ්‍ය තාන්ත්‍රික තනතුරකට පත් කිරීමට යෝජනා කළ පළමු අවස්ථාව මෙය බව නීතිඥවරු පවසති. නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වය මත ඉහළින් සිටින්නේ සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ හා සංජය රාජරත්නම් ය.
දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට එල්ල වූ චෝදනාවක් මත සේවය අත්හිටුවා ඇති අතර, ඒ අනුව වැඩබලන සොලිසිටර් ජනරාල්වරයා ලෙස කටයුතු කරනුයේ සංජය රාජත්නම් ය. නීතිපතිවරයා ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ නොමැති ඕනෑම නීතිඥවරයකු පත් කිරිමේ හැකියාව දප්පුල ද ලිවේරා නීතිපතිවරයා ලෙස සේවය කළ කාලය තුළ ඔහුගේ අධීක්ෂණය යටතේ නඩු 27,206ක් පමණ විභාග වී අවසන් වූ බව ද නිශාරා ජයරත්න මාධ්‍ය වෙත සඳහන් කර තිබිණි.

Leave A Reply

Your email address will not be published.

1 + twenty =