සජිත්ගේ රැස්වීමට රනිල්ගෙන් තවත් බාල්දියක් – ඇමති පහකුත් ඉවත් කරන්න යයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා ගැනීම සදහා සජිත් ප්‍රේමදාස වෙනුවෙන් මාතර සනත් ජයසූරිය පිටියේදී පැවැත්වුණ ‘සජිත් එනවා’ දෙවන රැලියට සහභාගී වූ එජාප මැති ඇමතිවරුන්ට දැඩි විනය ක‍්‍රියාමාර්ග ගැනීමට රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව වාර්තා වෙයි.

රැලිය පවත්වන වේලාවටම සමගාමීව අගමැති රනිල් වික්‍රමසිංහ විසින් එක්සත් ජාතික පක්ෂයේ සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අරලියගහ මන්දිරයට සාකච්ඡාවක් සහ භෝජන සංග්‍රහයක් සඳහා තිබිණි. අගමැතිවරයා මෙම තීරණය දැනුම් දී ඇත්තේ එම සාකච්ඡාව අතරතුරය.

එසේම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රාජ්‍ය ඇමතිවරුන් 05 දෙනෙකු ධුරවලින් ඉවත් කිරීමට රනිල් වික‍්‍රමසිංහ විසින් තීරණය කර ඇති බව ද වාර්තා වේ. මෙම පිරිස ඉවත් කිරීමට සූදානම් වන්නේ පක්ෂයට විරුද්ධව කුමන්ත‍්‍රණය කරමින් විනය කඩවන ලෙස කටයුතු කිරීම යන චෝදනාව මතය. එසේ ඉවත් කරන අමාත්‍යවරුන් වෙනුවට රනිල් හිතවාදී මන්ත්‍රීවරුන් එම ධුර වලට පත් කිරීමට ද සූදානමක් තිබෙන බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඇමතිවරුන් පත් කිරීමට හෝ ඉවත් කිරීමට අගමැතිවරයාට කිසිදු බලයක් නැති අතර එය සම්පුර්ණයෙන්ම ජනාධිපතිවරයා විසින් කළ යුත්තකි. යෝජනා කිරීම පමණක් අගමැතිවරයාට කළ හැකිය.

Leave A Reply

Your email address will not be published.

three + 15 =