“නීතිපතිට කැනඩාවේ ශ්‍රීලංකා තානාපති ධූරයට යන්නැයි ඉල්ලීම තේරුම් ගැනීමට අමුතු දැනුමක් අවශ්‍ය නැත”

නීතීපති ධූරයෙන් ඉවත්වී කැනඩාවේ තානාපති ධූරය බාරගෙන යන්නයි ජනාධිපති ගෝටාභය රාජපක්ෂ විසින් කල ඉල්ලීමක් මේවනවිට නීතීපති දප්පුලද ලිවේරා විසින් ප්‍රතික්ෂේප කර ඇත.
අධිකරණ විනිසුරුවරයකු මෙන්ම සොලිස්ටර් ජනරාල්වරකු ලෙසද සෙවය කල සමයේ සිටම කෙලින් වැඩ කිරීමේ නිර්භීත පෞරුෂයක් සතු පුද්ගලයකු ලෙස ලිවේරා මහතා නමක් දිනාගෙන සිටින පුද්ගලයකු බව නීතී ක්ශ්‍රේත්‍රය තුල පොදු පිලිගැනීමක් ඇත’
පසුගිය 2015- 2019 කාලසීමාව තුල රජයේ නිළදාරීන්ට සග පොලිස් සහ හමුදා සේවයේ නිරත නිළදාරීන්ටද සිදුවූ දේශපාලන පලිගැනීම් පිලිබඳ පරීක්ෂණ කිරීමට යයි කියමින් වත්මන් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා විසින් කොලේ වසා ගැසීම වෙනුවෙන් පත්කල හිරිකිත ජනාධිපති කොමිසම හරහා රජයෙ සහ පොලිස් නිළදාරීන්ට සිදු වූ දේශපාලන පලිගැනීම් නමට මුවාවී ආණ්ඩුවට සම්බන්ධ චෞර දේශපාලුවන්ගේ සහ චෞර ව්‍යාපාරිකයන්ගේ බරපතල වංච, දුෂන හොරකම් නඩු මෙන්ම මිනීමැරුම් සහ පැහැරගෙන යාම් ගනාවක් සම්බන්ධ අපරාධ නඩු පිලිබඳ පිලිකුල් සගගත ලෙස පරීක්ෂණ පවත්වන්නට පටන් ගැනුනි.
ඒකී පිලිකුල් සහගත ක්‍රියාව මෙකී ජනාධිපති කොමිසම පිහිටුවූ පරමාර්ථ වලින් මුලුමනින්ම බැහරවන නීතීවිරෝධී කටත්තක් බවට ඔහු විසින් නීතීපතිවරයා ලෙසක් සිය මතය ඉදිරිපත්කරමින් එකි කැකිල්ලේ කොමිසමට දැනුම් දුන්නෙය.
නිර්භීත ලෙස නිවරදි තැන රාජ්‍ය නිළධාරියෙකු ලෙස ඔහු ඒ මොහතේ සිට ගැනිම තමුන්ට එරහිව උසාවියේ විභාග වෙමින් පවතින අපරාධ සහ හොරකම් නඩු අරුම පුදුම කැකිල්ලේ කොමිසමකින් ගොඩ දා ගැනීමට සිහින දකිමින් සිටි බියගුළු දේශපාලයකන්ට සහ චෞර ව්‍යාපාරිකයන්ට ඉවසුම් නොදෙන ක්‍රියාවක් වූ බවත් අමුතුවෙන් කිව යුතු නැත .
එමෙන්ම මෙකී විකාරරූපී කැකිල්ලේ කොමිසම නිතීවිරෝධී බව කියමින් සිය නීතීපති දෙපාර්තමේන්තුවෙ නීතීඳවරුන් මෙකී කැකිල්ලේ කොමිෂමේ පරීක්ෂණ කටයුතු වලට සහභාගී කරවීමෙන් පවා වලක්වා ගැනීමට තරම් සිය රාජාකාරිය කෙලින් ඉටුකිරිමට නීතීපතිවරයා ලෙස ඔහුට කශේරුකාවක් තිබුනි.

උසාවියේ විභාගවෙමින් පවතින දූෂණ නඩුවක් වන ඇවන්ගාට් නඩුවේ චූදිතයන් මෙකී කැකිල්ලේ කොමිසම හමුවේ පැමිනිලිකරුවන් බවට පත්කොට එකී දූෂණ නඩුව උසාවියේ ගොනුකල පැමිනිලිකරුවන් වන ජවිපෙ නායක අනුර දිසානායක ප්‍රමුඛ පිරුස චූදිතයන් බවට පත්කොට මෙකි කොමිසමේ විත්ති කූඩුවට නැංවීන නීතීයානූකූල නොවන කටයුත්තක් බවද ඔහු නීතීපතිවරයා ලෙස සිය මතය ඉදිරිපත්  කරමින් මේ පිලිබඳ අනුර දිසානායක විසින් ගොනුකල නඩුවේදි පවා සිය මතය අධිකරණයට් ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේය.
එමෙන්ම හිටපු ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන විසින් පත්කල බැඳුම්කර වංචාව පිලිබඳ පරීක්ෂණ පැවත්වූ විශේෂ ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ලෙස මෙ සහගහන මහා හොරකමට සම්බන්ධ දේශපාලකයන්,ඉහලම, රාජ්‍ය නිළධාරීන් මෙන්ම .අර්ජුන් මහේන්ද්‍න් අර්ජුන් ඇලෝසියස් ,ප්‍රමුඛ සුදුකරපටි චෞරයන් ගෙන්ද අභීත ලෙසප්‍රශ්න කොට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ,රවීකරුනායක , කබීර් හෂීම්, මලික් සමරවික්‍රම වැන්නන් මෙමෙ වංචාවට හවුල් වූ ආකාරය ඇතුලුව මහාහොරමේ සියලුම තතු රට හමුවෙ අනාවරණය කරමින් සුවිශේසී කාරයභාරයක් ඉටුකල බවත් රටම පිලිගන්නා කරුනකි.
නීතීපති තනතුරෙන් ඉවත්ව කැනඩාවේ ශ්‍රීලංකා තානාපති ධූරය භාරගෙන යන්නයි එවැනි නිර්භීත කෙලින් වැඩකලහැකි නොනැමෙන පෞරුෂයක් සහිත රාජ්‍ය නිළධාරියෙක් වන දප්පුලද ලිවේරා මහතාට රටේ ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇත්තේ ඇයිද යන්න පිලිබඳ තේරුම් ගැනීමට මෙ නිසා මට නම් අමුතු දැනුමක් අවශ්‍ය නැත.

කෙසේ වෙතත් තවදුරටත් නීතීපතිධුරයේ රාජකාරිය කරමින් මේ රටවෙනුවෙන් සේවය කිරීමට තමාට අවශ්‍යබව දන්වමින් නීතීපති දප්පුලද ලිවේරා මහතා එකී තානාපති ධුරය ලබාගැනීම ප්‍රතීක්ශේපකොට ඇතැයිද මේ වනවිට මාධ්‍ය විසින් වාර්තා කර ඇත.
මෙම සිදුවීම දැඩි ආන්දෝලානාත්ම පුවතක් බවටද මේ වනවිට පත්ව ඇත.
ශ්‍රී  ලංකාවේ හැම රාජ්‍ය නිළධාරියෙක්ම ජරාවට ඔලුව නමන වහලුන් නොවන බවට ඔප්පු කොට පෙන්වීම පිලිබඳ නම් නීතීපති දප්පුලද ලිවේරා මහතාව අගය කලයුතුමය.
-ඉදුනිල් පෙරේරා (fb)

Leave A Reply

Your email address will not be published.

4 + 4 =