ඉන්දියාවේ අතරමන් වූ ඕස්ට්‍ර්ලියානු ක්‍රීඩකයින් ලංකාවට හෝ මාලදිවයිනට

කොවිඩ් -19 ඉන්දියාව තුළ ලෝකයේ සියලු කොරෝනා වාර්තා බිඳ දමමින් අතිශය දරුණු අන්දමින් ව්‍යාප්ත වීම හේතුවෙන් අයි.පී.එල්. තරගාවලිය අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ (4 වැනිදා) දහවල් තීරණය කළේය.

කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ ක්‍රීඩකයන් දෙදෙනකුට කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් මැයි 03 (සඳුදා) පැවැත්වීමට නියමිතව තිබූ කොල්කටා – රෝයල් චැලෙන්ජර්ස් තරගය කල්දමන ලදි. කොල්කටා පිලේ දඟ පන්දු යවන්නකු වන වරුන් චක්‍රවර්ති සහ වේග පන්දු යවන සන්දීප් වොරියර් දෙදෙනා කොවිඩ් – 19 වයිරසයට ගොදුරුවීම හේතුවෙන් කොල්කටා සංචිතයම හුදෙකළා කළේය.

මේ අතර සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ කඩුලු රකින්නා වන රිදිමන් සහ දඟ පන්දු යවන ක්‍රීඩක අමිත් මිශ්රාත්චෙන්නායි සුපර් කිංග්ස් පිලේ පන්දු යැවීමේ පුහුණුකරු ලාල් බාලාජි සහ බස්රිය පිරිසිදු කරන්නාත් කොවිඩ් – 19 වයිරසයට ගොදුරු වී සහ ඇතැම් දෙනාට ලක්‍ෂණ පහල වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඕස්ට්‍ර්ලියානු ක්‍රීඩකයකු වන ඇන්ඩෲ ටේ සිය රට තහනම් පැනවීමට පෙර අයි.පී.එල්. තරඟා වලියෙන් සමුගෙන ආපසු ගියේය.
මේ අතර ඕස්ට්‍ර්ලියාවේ ක්‍රිකට් විස්තර විචාරක මයිකල් ස්ලේටර් මේ වන විට මාලදිවයිනේ සිරවී සිටී. ඉන්දියාවෙන් පැමිණෙන ඕස්ට්‍ර්ලියානුවන්ට ඕස්ට්‍ර්ලියාවේ දේශසීමා වසා දැමීමට අගමැති ස්කොට් මොරිසන් ගත් තීරණය සම්බන්ධයෙන් කෝපාවිෂ්ඨව සිටියි.

මෙලෙස ඕස්ට්‍ර්ලියාවේ ක්‍රීඩකයන් සිය රටට යාමට නොහැකිව ඔවුන් ලංකාවට හෝ මාලදිවයිනට යාමට සුදානමින් සිටින බව අද  bbc ය වාර්තා කර තිබේ.

Leave A Reply

Your email address will not be published.

four + eighteen =