සෝෆා – ඇක්සා ගිවිසුම් වලට ගෝඨාභය පක්ෂයි… ඇමෙරිකාවේදී එකඟ වෙලා

ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු පුරවැසිභාව ඉවත් කර ගැනීම වෙනුවෙන් තමා ජනාධිපති වුවහොත්  සෝෆා – ඇක්සා ගිවිසුම් අත්සන් කිරීමට ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු ආණ්ඩුවට එකග වී ඇති බව හෙළි වී තිබේ. වාර්තා වන පරිදි ගෝඨාභය රාජපක්ෂ ගේ හිතවතියක වන, ජානකී සිරිවර්ධන නමැත්තියක මාර්ගයෙන් ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් හමුවී ඇති බවත්, ඉවන්කා හරහා ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ද හමුවී ඇති ගෝඨාභය රාජපක්ෂ, තමන්ගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර දුනහොත්, බලයට පැමිණි වහාම සෝෆා – ඇක්සා ගිවිසුම් අත්සන් කරන බවට එකග වී ඇත.

මේ පිළිබඳ තොරතුරු මාධ්‍ය මගින් විමසීම වලක්වනු පිණිස පසුගිය 22 වන දින පැවති මාධ්‍ය හමුවේදී විශේෂ මැදිහත්වීමක් සිදු කිරීමටත් ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය ඒකකය කටයුතු කර තිබිණි. ඒ අනුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද ළග තබාගෙන ගෝඨාභය රාජපක්ෂ විසින් පැවැත්වූ එම මාධ්‍ය හමුවේදී අද රට මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයක් වන සෝෆා-ඇක්සා ගිවිසුම් සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් ගෝඨාභය රාජපක්ෂගෙන් නොවිමසන ලෙස එම මාධ්‍ය හමුව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ගෝඨාභය රාජපක්ෂ ගේ සම්බන්ධීකරණ ලෙකම්වරු සහ මාධ්‍ය ඒකකයේ නියෝජිතයන් විසින් දැනුම් දී ඇතැයි මාධ්‍ය මගින් අනාවරණය විය. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයට පත් වුවහොත්, අනිවාර්යයෙන්ම එකී දේශද්‍රෝහී ගිවිසුම් වලට ගෝඨාභය රාජපක්ෂ එළඹෙන බව සක් සුදක් සේ මේ වන විට පැහැදිලි වී තිබේ.

Leave A Reply

Your email address will not be published.

1 + eleven =