කොවිඩ් ආසාදනයවීමෙන් 45 හැවිරිදි ගර්භනී මවක් මියයයි

කොවිඩ් ආසාදනයවීමෙන් කොවිඩ් නිව්මෝනියා තත්ත්වය උත්සන්නවීම හේතුවෙන් සිය කුළුඳුල් දරුවා ලැබීමට සිටි රාගම නාරංගොඩපාලුව ප්‍රදේශයේ පදිංචි මවක් ඊයේ (04) මියගොස් තිබුණි.

රාගම රෝහලේ දී මියගිය තුන් මස් ගැබිනියක් වූ 45 හැවිරිදි ඇය අසනීප තත්ත්වයක් හේතුවෙන් මීට දින කිහිපයකට පෙර රෝහලට ඇතුළත් වී තිබුණි.

ප්‍රතිකාර වලින් අනතුරුව නිවෙස වෙත පිටත්කර හැර තිබුණත් යළිත් අසනීප තත්ත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් ඇය යලි රාගම රෝහල වෙත පැමිණ ඇත.

රාගම රෝහලේ දී සිදුකළ PCR පරීක්ෂණයකින් ඇය කොවිඩ් ආසාදිත බව තහවුරු වීම නිසා ඇයව මිනුවන්ගොඩ රෝහල වෙත මාරුකර යවා ඇති මුත් එහිදී අසාධ්‍යවීමෙන් යළිත් රාගම රෝහලට රැගෙන විත් තිබේ.
එහිදී ඇය රාගම රෝහල වෙත රැගෙන ඒමෙන් අනතුරුවය ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුව ඇයගේ දේහය බටුවත්ත පොදු සුසාන භූමියේදී අද (05) ආදාහනය කෙරිණි.

කොරෝනා ආසාදිත ගැබිණී මව්වරුන් 70 අධික පිරිසක් රට පුරා රෝහල්වල ප‍්‍රතිකාර ලබමින් සිටින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය සදහන් කරයි.

Leave A Reply

Your email address will not be published.

five × one =