මව්බිම පොකුර 38 දක්වා ඉහළට

මව්බිම පුවත්පතේ සේවය කරන සේවකයන්ගෙන් 38 දෙනෙකු මේ වන විට කොවිඩ් 19 ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.
ඒ අනුව එම පුවත්පතේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ, ප්‍රවෘත්ති කර්තෘ, ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ, විශේෂාංග කර්තෘ, ප්‍රධාන උප කර්තෘ ඇතුළු සේවකයන් පිරිසකට මෙසේ කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ. තුන්වැනි රැල්ලේදී මුලදී ආයතනයේ සේවකයන්ට වෛරසය ආසාදනය වී ඇති බව හෙළිදරව් වී තිබියදීත්, අනෙකුත් සේවකයන්ට පීසීආර් හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ නොකිරීම සහ සේවකයන් නිරෝධායනය නොකිරීම සම්බන්ධයෙන් ආයතන පරිපාලනයට චෝදනා එල්ල විය. පසුව සේවකයන් විසින් දැඩි ලෙස ඉල්ලීම් කිරීමෙන් පසු බොරැල්ල කැම්බල් පිටියේදී ඔවුන්ට අදාළ පරීක්ෂණ සිදුකිරීමට ආයතන පරිපාලනය කටයුතු කර තිබිණි.
කොවිඩ් දෙවන රැල්ලේදීද මව්බිම පුවත්පතේ සේවකයන් පිරිසකට වෛරසය ආසාදනය වී තිබිණි.

Leave A Reply

Your email address will not be published.

17 − 13 =