බදු නොගෙවා ගෙන්වූ විදේශ සිගරට් 30040 ක් අල්ලයි

බදු නොගෙවා ආනයනය කළ විදේශ රටක නිෂ්පාදිත සිගරට් 30040 ක් ජා ඇල සුරාබදු නිලධාරීන් විසින් කැළණිය ප්‍රදේශයේ කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.
ජා ඇල සුරාබදු නිලධාරින්ට ලද තොරතුරක් මත කැළණිය ප්‍රදේශයේ නිවසක් වටලා සැකකරුවන් හතර දෙනෙකු සමග මෙම සිගරට් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
සිගරට් තොගයේ නිෂ්පාදිත වටිනාකම රුපියල් ලක්ෂ 20 ක් බව සුරා බදු නිලධාරීන් පවසයි. සැකකරුවන් කැළණිය, වත්තල, ජා ඇල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22, 30, 42 හා 50 යන වයස් කාණ්ඩවල පුද්ගලයන් බවද සුරාබදු නිලධාරින් කියයි. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බස්නාහිර පළාත් (111) සහකාර සුරාබදු කොමසාරිස් උපුල් කුමාර මහතාගේ උපදෙස් මත ජා ඇල වැඩබලන සුරාබදු අධිකාරි ඉන්ද්‍රනාත් ගේ අධික්ෂණය යටතේ ජා ඇල සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරික්ෂක වජිර විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරික්ෂක කැකලන්දර, සුරාබදු සැරයන් 938 ශ්‍රියන්ත හේරත්, සුරාබදු නියාමකවරුන් වන 1062 බුද්ධික, 1122 ධනුක, 1206 සමීර හා සුරාබදු රියදුරු රවින්ද්‍ර යන නිලධාරින් පරික්ෂණයට එක්වූහ.

Leave A Reply

Your email address will not be published.

five × four =