අගමැති හමුවන්න දෙවන වරටත් පක්ෂනායකයින් නෑ,” 11 වෙනිදා එන්නම් “

පසුගිය පක්ෂ නායක රැස්වීම් දෙකමටම හවුල්කාර පක්ෂ නායකයින් සහබාගි නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායක රැස්වීමක් එළඹෙන 11 වනදා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල පක්ෂ නායක රැස්වීමක් ඊයේ(04) දිනයේ ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර දෙවන වරටත් ඒ සඳහා හවුල්කාර ප්‍රධාන පක්ෂ කිහිපයක නායකයින් සහභාගී වී නැත.

කෙසේවෙතත් මුල් අවස්ථාවේ මෙන්ම මෙම රැස්වීමට පොහොට්ටුවේ වැඩි නියෝජිතයින් පිරිසකට ආරාධනා කර තිබීම හේතුවෙන් හවුල්කාර පක්ෂ 10 ක නායකයින් මෙම දෙවන රැස්වීමටද සහභාගී වී නොමැත.

පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කර ගැනීම සදහා මෙම රැස්වීම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබුණි.

ඊයේ පස්වරු 05.30 ට පමණ අරලියගහ මන්දිරයට ගොස් ඇති ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු අමාත්‍යවරුන් සහ ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු පිරිස තම පිරිස රැස්වීමට සහභාගී නොවන බව අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

මේ හේතුවෙන් ඉදිරි 11 වනදා පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණයකර ගැනීමට පක්ෂ නායක හමුවක් කැඳවීමට ද මෙම පිරිස අගමැති හමුවූ මොහොතේ දී තීරණය වී ඇති අතර එදිනට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට සහභාගී වන බව මෙම පක්ෂ නායකයින් අග්‍රාමාත්‍යවරයාට දැනුම් තිබෙන බවද වර්තා වේ.

Leave A Reply

Your email address will not be published.

18 − 5 =