තවත් දිස්ත්‍රික්ක 4ක ග්‍රාම නිලධාරී වසම් 12ක් හුදකලා කරයි

තවත් දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් 12ක් අද (05) පෙරවරුවේ සිට හුදකලා කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එම ප්‍රදේශ වළ පවතින කොවිඩ් -19 අවදානම සලකා එම තීරණ ගෙන ඇති බව යුද හමුදාපතිවරයා පවසයි.

මේ අනුව එම හුදකලා කළ ප්‍රදේශ වන්නේ
කොළඹ දිස්ත්‍රික්කය

මහරගම පොලිස් බලප්‍රදේශයට අයත් පමුණුව, පිළියන්දල පොලිස් බලප්‍රදේශයට අයත් හොන්නත්තර සහ, දැල්තර ග්‍රාම නිලධාරී වසම

ගම්පහ දිස්ත්‍රික්කය

කිරිඳිවැල පොලිස් බලප්‍රදේශයට අයත් කුට්ටිවිල ග්‍රාම නිලධාරී වසම

රත්නපුර දිස්ත්‍රික්කය

ඇඹිලිපිටිය පොලිස් බලප්‍රදේශයට අයත් පල්ලේගම, උඩගම, නවනගරය ග්‍රාම නිලධාරී වසම සහ පනාමුර පොලිස් බලප්‍රදේශයට අයත් වලල්ගොඩ, සුදුගල, පනාමුර ග්‍රාම නිලධාරී වසම මෙන්ම වේවැල්වත්ත පොලිස් බලප්‍රදේශයට අයත් රත්ගඟ ග්‍රාම නිලධාරී වසම

වව්නියාව දිස්ත්‍රික්කය

පූවරන්කුලම් පොලිස් බලප්‍රදේශයට අයත් කුරුක්කල්පුතුකුලම් ග්‍රාම නිලධාරී වසම . යන ග්‍රාම නිලධාරී වසම් මෙලෙස හුදෙකලා කර තිබේ.

Leave A Reply

Your email address will not be published.

one × five =