“ඉල්ලීම ප්‍රබල නිසා පිලියන්දල අරින්න වුනා” – පිලියන්දල අහඹු PCR පරීක්ෂණ 95කින් 72ක් කොවිඩ්

කොවිඩ් ආසාදිතයන් පැතිරීම හේතුවෙන් යම් ප්‍රදේශයක් හුදාකලා කිරීමේ තීරණය ගන්නේ තත්වයන් විශ්ලේෂණය කර ප්‍රදේශයේ සෞඛ්‍ය බළධාරින්ගේ නිර්දේශ මතයි නමුත් පිලියන්දල පොලිස් බල ප්‍රදේශය හුදකලා කිරීමට ගත් තීරණය “ප්‍රබල ඉල්ලීම්” නිසා වෙනස් කිරීමට සිදුවූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඊයේ රාත්‍රී පෞද්ගලික රූපවාහිනි නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් පල කල යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා “පිලියන්දල හුදකලා කිරීමට ගත් තීරණයත් සමඟ විවිධ පාර්ශව වලින් මට දුරකතන ඇමතුම් රාශියක් ආවා. මේ අය ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාටත් මේ ගැන දැනුම් දී ඇති බව මට පසුව දැනගන්න ලැබුනා. ඉතින් ඒ ඉල්ලිම් “ප්‍රබල” නිසා පිලියන්දල හුදකලා කිරීමට ගත් තීරණය වෙනස් කරන්න සිද්ධ වුනා.” යනුවෙන් පවසයි.
මේ අතර කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය සමන්තිකා විජේසුන්දර ඊයේ(03) මාධ්‍යයට පැවසුවේ, ප්‍රදේශයේ පවතින දැඩි අනාරක්ෂිත බව සලකා පිලියන්දල පොලිස්බල ප්‍රදේශය හුදකලා කරන ලෙස තමන් ලිඛිතව ඉල්ලීමක් කල බවයි.
තම ඉල්ලීම අනුව ප්‍රදේශය හුදකලා කලත් පසුව තමන්ගේ දැනුවත්භාවයකින් තොරව පැය කිහිපයක් ඇතුලත එම හුදකලාභාවය ඉවත් කර ඇති බවයි.

පිලියන්දල පොලිස්බල ප්‍රදේශයට පනවා තිබු හුදකලාතත්වය ඉවත් කිරීමට ඉවහල්වූ “ප්‍රබල ඉල්ලිම්” යුධහමුදාපතිවරයාට යොමු කරවුයේ නමගිය දේශපාලඥයෙකු වන ගාමිණි ලොකුගේ විසින් බවද ඇමතිවරයා ඊයේ(03) පැවසීය.

මේ අතර කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දැඩි කතාබහට ලක්ව ඇති පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ සිදුකළ අහඹු PCR පරීක්ෂණ 95කින් 72ක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා අද(04)සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.

twelve − 1 =