පළමු වතාවට පාර්ලිමේන්තු සභාගර්භයේ දොරටු විවෘතව තබමින් විවාදය පවත්වයි

පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට සභා ගර්භයට මන්ත්‍රීවරුන් ඇතුළු වන සියලු දොරටු විවෘතව තබමින් පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට අද දිනයේ කටයුතු යොදනු ලැබූ බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසීය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන  සහ මහලේකම් ධම්මික දසනායක ගේද අවසරය ඇතිව සභා ගර්භයේ ද ආරක්ෂාවට අභියෝගයක් ඇති නොවන පරිදි හැකිතාක් වාතාශ්‍රය ගමන් කළ හැකිවන පරිදි මන්ත්‍රී ආලින්දයේ දෙපස පැති දොරද විවෘතව තැබූ බව ප්‍රනාන්දු  කීවේය.

කොවිඩ් 19 සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව පාර්ලිමේන්තුව වඩාත් සෞඛ්‍යාරක්ෂිතව තැබීම සදහා පියවර රැසක් ගනු ලැබූ බවද ප්‍රනාන්දු කීය.

සභා ගර්භය තුළ වායු සමීකරණ ක්‍රියාත්මක කිරීමේදී පිටතින් වාතාශ්‍රය ලැබෙන පරිදි සිදු කළ බවද වේත්‍රධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.

12 − 1 =