ජනාධිපති සමාවට අදාළ ලියවිලි රන්ජන් බාර දෙයි !

අධිකරණයට අපහාස කිරීමේ ‌‌චෝදනාවට වැරදිකරු වී වසර 4ක බරපතළ වැඩ ඇතිව අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනාධිපති සමාව ලබා ගැනීමේ ලිපියට අත්සන් තබා තිබේ.

ඒ අනුව එම ලියකියවිලි නීතීඥ අශාන් ප්‍රනාන්දු විසින් ඊයේ (03) දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත භාරදීමට කටයුතු කර තිබේ.

එම ලියකියවිලි ඉදිරි දිනෙක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදීමට නියමිත ය.

Leave A Reply

Your email address will not be published.

10 + seven =