ගල්ගමුව නගරය වැසේ

පවතින කොරෝනා වසංගතය හේතුවෙන් ගල්ගමුව නගරය මැයි මස 4 වන දින සිට 6 වන දින දක්වා දින 3 ක් වසා තැබෙනවා.
ගල්ගමුව ප්‍රාදේශිය සභාව-සෞඛ්‍ය අංශ-නාගරික වෙළද ප්‍රජාව හා ප්‍රදේශවාසීන් එකතුව ගන්නා ලද තීරණයකට අනුව මෙසේ දින 3 ක් නගරයේ සියලු ව්‍යාපාර වසා දැමේ.
අද(3) වන විට ගල්ගමුව ප්‍රදේශයේ ආසාධිත සංඛ්‍යාව 39 දක්වා ඉහළගොස් ඇත.එයින් එක් අයෙක් පොලිස් නිලධාරියෙක්ය.
නගරයේ ව්‍යාපාරික ස්ථාන දෙකක සේවකයින් දෙදෙනෙක් ද මේ වන විට ආසාධිත වී ඇත.
පසුගිය දිනවලකරනලද PCR පරීක්ෂණ 97 ප්‍රතිපල ලැබීමට නියමිතය.
දිනෙන් දින ගල්ගමුව ප්‍රදේශයේ උග්‍රවන කොරෝනා ආසාධිත රෝගීන්ගේ සංඛ්‍යාව අනුව ඉදිරි සතිදෙක ඉතාමත් තීරණාත්මක බවත් ‌අඩුම තරමින් නගරය දින 10 වත් වසා දමා රෝගීන් බහුල ප්‍රදේශ හුදකලා කිරීම වඩාත් සුදුසු බවත් සෞඛ්‍ය අංශ පවසනවා.
රෝගය බෝවීම වළක්වා ගැනීම සදහා නිරන්තරයෙන්ම සෞඛ්‍ය උපදෙස් නියමානුකූලව පිළිපදින ලෙස ගල්ගමුව මහජන සෞඛ්‍ය වෛද්‍ය අංශය ජනතාවට අවධාරණයකර සිටිනවා.
චන්ද්‍රරත්න ඉලංගකෝන්(fb)

Leave A Reply

Your email address will not be published.

17 + seven =