වරාය නගර කොමිෂන් විවාදයට දවසයි – චීන විදේශ ඇමතිත් ලබන මාසයේ ලංකාවට !

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව ආසන්න අවස්ථා තුනකදී චීන රාජ්‍ය තාන්ත්‍රිකයන් තිදෙනෙකු මේ වන විට මෙරටට සංචාරය කර තිබේ.

චීන ආරක්ෂක ඇමති වී ෆෙන්ග් පසුගිය සතියේ මෙරටට පැමිණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ සාකච්ඡා පැවැත්වීය.

පසුගිය වසරේදී චීනයේ විදේශ කටයුතු ප්‍රධානියා වන යැං ජිචි ද ද්විපාර්ශවික සාකච්ඡා සඳහා මෙරටට පැමිණියේය.

විදේශ ඇමති වැන්ග් සිය කලාපීය සංචාරයේ කොටසක් ලෙස මෙරටට පැමිණීමට නියමිත බව ලංකාවේ චීන තානාපති කාර්‍යාලය පවසයි.

මේ අතර චීනය විසින් ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක් ආයෝජනය කර ඇති වරාය නගරයේ කටයුතු නියාමනය කිරීම සඳහා වරාය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබද ඡන්ද විමසීම බදාදා (05) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිත ය. ඒ පිළිබද විවාදය සඳහා එක් දිනයක් පමණක් වෙන්කිරීම බරපතළ විවේචනයට ලක්වී තිබේ.

Leave A Reply

Your email address will not be published.

four × 1 =