ශ්‍රී  ලංකාව ටෙස්ට් තරඟාවලිය ජය ගනියි, ප්‍රවීන් ලකුණු 178 කට කඩුළු 11 ක්

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන දෙවනි ටෙස්ට් තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 209 ක ජයග්‍රහණයක් අත්කර ගත්තේය. මෙම තරඟයේ විශේෂම සිදුවීම වුවේ කුළුඳුල් ටෙස්ට් වරම් හිමිකරගත් ප්‍රවීන් ජයවික්‍රම ඉනිම් දෙකේදී කදුළු 11 ක් ලබා ගැනීමයි. එහිදී ප්‍රවීන් ජයවික්‍රම තමන්ගේ මංගල ඉනිමේදීම බංප්‍රවීන්ගලාදේශ පිතිකරුවන් 6 දෙනෙක් දඩයම් කරමින් ලකුණු 92 කට කඩුලු 6 ලෙස සිය පන්දු යැවීම සටහන් කළේය. දෙවන ඉනිමේ දීද ජයවික්‍රම කදුළු 5 ක් ලබා ගැනීමට සමත් විය. එය ශ්‍රී ලාංකික පන්දු යවන්නෙක්ගේ හොඳම මංගල පන්දු යැවීම ලෙස සටහන් වෙනවා. ජයවික්‍රම ඉනිම දෙකේදී ලකුණු 178 කට කඩුළු 11 ක් දවාගැනිමින් ශ්‍රී ලංකා වාර්තාවවීමට සමත් විය. මංගල ටෙස්ට් තරඟයේදී කදුළු 10 සීමාව පසුකළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස ප්‍රවීන් ජයවික්‍රම වාර්තා පොතට එක් වෙයි. මෙම තරඟයේ වීරයා ලෙසද ප්‍රවීන් ජයවික්‍රම නම් කළේය.

තරඟාවලියේ වීරයා නායක දිමුත් කරුණාරත්න නම් කළේ තරඟ දෙකේ දීම ලකුණු 400 පසුකිරීම හේතුවෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1 – 0 කින් ජය ලැබීමට සමත් විය.

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ජයග්‍රහණය සඳහා ලකුණු 437 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ දෙවැනි ඉනිම අද මධ්‍යහනයට පෙර ලකුණු 227 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

 

Leave A Reply

Your email address will not be published.

18 + 10 =