එජාප අර්බුදයට මෛත්‍රීත් පැටලෙයි – සජිත් අගමැති කරන යෝජනාවත් මෛත්‍රීගේ

මේ වන විට බරපතළ අර්බුදයක් බවට පත් වී තිඛෙන එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයට පත් කිරීමේ ප්‍රශ්නයට මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිිරිසේන ද පැටලී සිටින බව හෙළි වී තිබේ. එහි ආසන්නතම සිදුවීම බවට පත් වූයේ රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කර ඒ සඳහා සජිත් ප්‍රේමදාස පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීමයි.

මෙසේ සජිත් ප්‍රේමදාස අගමැතිවරයා වශයෙන් පත් කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයක් කිහිප දෙනෙකු ද ඊට සහභාගි වී ඇත. පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා සහ ආශ+ මාරසිංහ මන්ත්‍රීවරයා ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය ඛෙදා වෙන් කිරීමට ව්‍යවාස්ථා විරෝධීව කටයුතු කිරීමට ජනාධිපතිවරයා සූදානම් වන බවයි. ඒ බව සනාථ කිරීම සඳහා අදාළ අ~පට පවා තමන් ෂතුව තිඛෙන බව රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එසේම ජනාධිපතිවරයා කෙසේ හෝ අගමැති වශයෙන් සජිත් ප්‍රේමදාස පත් කළහොත් විශ්වාස භංගයක් ගෙනවිත් ඔහු පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂයේ රනිල් හිතවාදී කණ්ඩායම සූදානම් වන බව ද වාර්තා වේ. ඊට අමතරව දෙමළ ජාතික සන්ධානය සහ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් සමගත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය විසින් මේ පිළිබඳ දැනටමත් සාකච්ඡා පවත්වා ඇති අතර ඔවුන්ගේ තක්සේරුව වන්නේ සජිත් ප්‍රේමදාසට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති බවයි.

මේ වන විට පාර්ලිමේන්තුව තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 102ක් සිටියද ඔවුගෙන් සජිත් ප්‍රේමදාසට සහයෝගය දෙනු ඇත්තේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක් බැවින් පාර්ලිමේන්තුවේ සරල බහුතරය කිසිසේත්ම සම්පූර්ණ කරගත නොහැකි පොදු ජන පෙරමුණේ සහ එජාපයේ රනිල් පාර්ශ්වයේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකදී ගණන් බලා තිබේ. දෙමළ ජාතික සංධානය ද සජිත්ට සහාය නොදෙන බව මේ වන විට පවසා තිබේ.

කෙසේ වෙතත් මෙම අර්බුදය උත්සන්න වෙත්ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ විසින් පක්ෂයට නිල පක්ෂයට නිල ප්‍රකාශකයෙකු පත් කිරීමට පසුගිය දා රාජිත සේනාරත්න ඇමතිවරයාගේ නිවසේ පැවති සාකච්ඡාවකදී තීරණය කර තිබේ. ඒ තව දුරටත් සජිත් ප්‍රේමදාස ඇතුලූ කණ්ඩායම කරන ප්‍රකාශ පක්ෂයේ මධ්‍යගත භාවයට ගැනීමට නොහැකි නිසා බව ද එහිදී රනිල් වික්‍රමසිංහ විසින් පවසා තිබේ.

මේ සිදුවීම් සියල්ලත් සමග තව දුරටත් තමන්ට එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකත්වය ලැබේ යයි බලාපොරොත්තු තැබිය නොහැකි තත්ත්වයක් ඇති වීම නිසා මීට පෙර පිහිටුවාගත් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ හෙවත් රාජාලියා පක්ෂයෙන් තමන්ට තරග වැදීමට හැකි දැයි සාකච්ඡා කරමින් සිටින බව ද වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.

twelve − 5 =