ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් හැට තුන් දෙනෙක් මිය යයි

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර විවාහ මංගල්‍ය උත්සවයක් පැවැත්වෙන අතරවාරයේ එල්ල කෙරුණ බෝම්බ ප්‍රහාරයකින් මේ වනවිට 63 දෙනකු මරණයට පත්ව තවත් 80කට අධික පිරිසක් තුවාල ලබා ඇත. විවාහ උත්සවය පැවැත්වෙන අතරවාරයේ මරාගෙන මැරෙන ප්‍රහාරකයකු විසින් එම බෝම්බය පුපුරුවා ගනු ලැබ ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

අගෝස්තු 17 රාත්‍රියේ එම ප්‍රහාරය එල්ල කරනු ලැබ තිබෙන්නේ කාබුල් අගනුවර බටහිර කොටසේ ‘ෂියා’ මුස්ලිම් ප්‍රජාව බහුතරය වූ කලාපයකදීය.

තලේබාන් සංවිධානය ප්‍රහාරයේ වගකීම භාර ගනු ලැබීම ප්‍රතික්ෂේප කරයි. එහෙත් වෙනත් සංවිධානයක් විසින් ද එම ප්‍රහාරයේ වගකීම මෙතෙක් භාර ගනු ලැබ නොමැත.

BBC

Leave A Reply

Your email address will not be published.

9 − 4 =