ඝාතනය කළ ‘සෙන්චෝලෙයි’ දැරියන්ට යුක්තිය ඉල්ලයි

10

2006 අගෝස්තු 14 දින මුලතිව් හි පිහිටි ‘සෙන්චෝලෙයි’ ළමා නිවාසයට ප්‍රහාර එල්ල කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර යුක්තිය ඉටු කරන ලෙස ප්‍රහාරයෙන් මරණයට පත් දැරියන්ගේ මව්පියෝ ඉල්ලා සිටිති.

එම මව්පියන් විසින් එකී ඉල්ලීම කරන ලද්දේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එල්ල කරන ලදැයි පැවසෙන එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් දැරියන් සිහි කිරීමට අගෝස්තු 14 දින පැවැති දහතුන් වැනි වාර්ෂික අනුස්මරණ වැඩසටහනේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

2006 අගෝස්තු 14 වැනිදා උදෑසන 7.05ට සෙන්චෝලෙයි ළමා නිවාසය වෙත එල්ල කෙරුණ ගුවන් ප්‍රහාරයෙන් ළමා නිවාසයේ සිටි වයස අවුරුදු 16 – 18ත් අතර දැරියන් 61දෙනකු එම ස්ථානයේදීම මරණයට පත් වූ බව ප්‍රදේශවාසීහු පවසති.

කෙසේ නමුත්, එකී චෝදනා ප්‍රතික්ෂේප කළ එවකට බලයේ සිටි රාජපක්ෂ ආණ්ඩුව කියා සිටියේ තමන් ගුවන් ප්‍රහාරයක් එල්ල කළේ එල්ටීටීඊ පුහුණු පාසලක් ඉලක්ක කර බවයි.

Previous articleරටේ දරුවන් 39,000ක් අනතුරුදායක රැකියාවල
Next articleජාතික ජන බලවේගයේ අපේක්ෂකයා අනුර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here